අලිගැටපේරවල ඇති මේදය ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියති. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර්ධනය වන බව ද ඔවුහු පෙන්වා දෙති.
ලියුකේමියා රෝගය හා සම්බන්ධ ස්කන්ධ සෛල මර්ධනය සඳහා ලෝකයේ දැනට සොයාගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ඖෂධ ප්රමාණයකි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මගින් ලියුකේමියා රෝගින්ගේ ජිවිත අපේක්ෂාව ඉහළ දැමිය හැකි බවයි.
ලියුකේමියාව යනු මාරාන්තික රෝගී තත්ත්වයකි.
සෞඛ්‍ය සම්පන්න අයගේ ඇට මිදුලු වල නිපදවන ස්කන්ධ සෛල වැඩී පසුව රතු රුධිර සෛල, පට්ටිකා සහ සුදු රුධිර සෛල බවට පත්වේ. නමුත් ලියුකේමියා රෝගින්ගේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නේ නැත. එමගින් රතු රුධිර සෛල නිපදවිම වෙනුවට අසාමාන්‍ය ලියුකේමියා සෛල නිපදවේ.
මේවා නොමේරු සෛල වන වන බැවින් සාමාන්‍ය රුධිර සෛල ලෙස ක්‍රියා කිරීමට නොහැකි වෙයි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මේදයේ අණුවල ඇති ඇවොකටින් බී මගින් මෙම අහිතකර නැවැත්වීමට හැකියාව ලැබෙන බවයි. එමගින් ස්කන්ධ සෛල සෞඛ්‍ය සම්පන්නව රුධිර සෛල ලෙස වැඩීම සිදුකරයි.
පර්යේෂණ ප්‍රධානි ලෙස වෝටර්ලු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පෝල් ස්පැග්නුලෝ ක්‍රියාකරයි
නව ඖෂධය ලියා පදිංචි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද මහාචාර්ය පොල් මහතා විදෙස් මාධ්‍යයට කීවේය. එය දැනටමත් පළමු අදියරේ සායනික අත්හදාබැලිම් සඳහා යොමුකැර ඇත.
COMMENTS
ඉනෝකා.මම වගාවට හරිම කැමතියි.මම ඩුබායි වල අලි ගැට පේර පැල කිහිපයක්ම හිටවල තිබෙනවා.එ්ත් පායන මාස 4-5 වලදී කොළ වේලිලා මැරිලා ගියා. එ්ත් මම පේර,දෙළුම්,මුරුංගා ගස් නම් වවල ගෙඩිත් තියෙනවා.ලංකාවේ මගේ ගේ වටේ අප්පල් පැල,පීච් පැල,ෆිග් ලොකු ගහක්(ගෙඩි තිබෙනවා),ඩ්‍රැගන් ෆ්රුඉට්(ගෙඩි තිබෙනවා),මිදී (ගෙඩි තිබෙනවා),අලි පේර ගස්(ගෙඩි තිබෙනවා) වවල තිබෙනවා.මගේ දරුවන්ටත් වගාව ගැන උනන්දු කරවනවා. (බ)
පහන්,ෆිග් කියන පලතුරු මැදපෙරදිග අදික මිලයි. අැපල් කිලෝ එකක් දිහ්රම් 5-6(රුපියල් 180-215) ඒ වුනාට ෆිග් කිලෝ එකක් දිහ්රම් 50-80(රුපියල් 1800-2880) වෙනවා.විශේෂයක් වෙන්නේ පිරිමින්ගේ ධාතු වර්දනය වෙනවා කියන හේතුව සහ තවත් විශේෂ හේතුන් කිහිපයක් තිබෙනවා.දරු පල නොමැති අයට දරු පල ගෙන දෙනවා කියලත් කියනවා.ලංකාවේ තියෙන අට්ටික්කා පළතුරක් වශයෙන් අනුබව කරන්න පුලුවන්ද? (ස)
අධික ශීත රටවලත්, අධික උෂ්ණ රටවලත් අලි පේර වගා කරන්න බැහැ. (බ)
මෙවැනි ලිපි මගින් රටේ ජනතාව දැනුවත් කිරීම ගැන හරිම සතුටුයි. (බ)
පැලයක් හිටවල,ඒ පැලය ලොකු මහත් වෙනකොට,පලදාව ලබනකොට ඇති වෙන මානසික සහනය ගැනනම් කියන්න වචන නැහැ. ලංකාවේ මම වගා කරලා තිබෙන අප්ප්ලේ පල,පීච් පල,ෆිග් පල,...දැන් ලොකු ගස් වෙලා.මම මාස 6 කට වරක් ගෙදර ගියත් මගේ පලතුරු ගස් වලට/වගාවට අවශ්‍ය දැනුම ලබා දීලයි එන්නේ. (බ)
අනෝදා වශයෙන් හදුන්වන්නේ වැලි ආතා ,කටු ආතා,සිනි ආතා කියන වර්ගයේ පලතුරු. අලුත්ම පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබෙනවා අනෝදා පලතුර පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා කියල. මැදපෙරදිග මිල අදිකතම පළතුරක්. (ස)
රුවන්, මම දන්නා තරමට අලිගැට පේර වල තියන්නේ ශරීරයට හිතකර මේද, ඒ නිසා අධි රුධිර පීඩනයට සහ කොලේස්ටරෝල් වලට බලපෑමක් නෑ. නමුත් දියවැඩියාව තියන අයට නම් කොහොමද දන්නේ නෑ (නදී)
පහන්."ෆිග්" කියන්නේ අට්ටික්කා විශේෂයක් තමයි.ජපන් වලින් කියන්නේ ඉචිජිකු".ඔබගේ තොරතුරු වලට ස්තුතියි.ඉචිජිකු ජපන් රටට ගෙන්වන්නේ ප්‍රංශයෙන්.කොරියාවේ කියන්නේ පේර කියල.ෆිග් කියන්නේ හදවත් රෝගීන්ට දිව්‍ය ඖෂධයක් (බ)
දිලිනි, ඕක තමයි ලංකාවේ වගාවන්ට වෙලා තියෙන්නේ. ලෝකයම පිළිගත් රසෙන් මෙන්ම ගුණයෙන්ද ඉතා උසස් වගාවන් වලට පිටරට බාල ඒවා ආදේශ කරලා වැඩි අස්වැන්න ගන්නවා හොඳ දේවල් නැති කරලා දානවා. ලංකාවේ හුඟක් එළවලු, පලතුරු වලට වෙලා තියෙන්නෙත් ඕකම තමයි. (ර)
ලෝකයේ තිබෙන හොදම "කුරුඳු" තිබෙන්නේ ලංකාවේ කියල අහල තිබෙනවද?ඉන්දියාවේ වැවෙන "කුරුඳු" අපේ රටේ වැවෙන "කුරුඳු" සමග ලඟින් තියන්නවත් බැහැ.අපිට හොඳ පසක් තිබෙනවා.වැඩ කරන්න පුළුවන් හොඳ ගොවියන් පිරිසක් ඉන්නවා.එත් සහයෝගය දෙන්න පලදාව ලෝකයට හදුන්වල දෙන්න කෙනෙක් නැහැ. (ස)
තිලක් ඔයා හරි.කැනඩා වල කියන්නේ ලෝකේ හොඳම කුරුඳු ලංකාවේ ඒව කියල.අනිත් රටවල කුරුඳු එක්ක බලන විට ලංකාවේ කුරුඳු හරිම ගණන්.ඒවගේම නියම කුරුදු කියල පිළිගන්නේ (බ)
කැනඩාවේ අලිගැටපේර හැදෙන්නේ නැහැ(නදී)
අලිගැට පේර නම හැදුනේ බ්‍රසීලයේ "ALIGATOR PEAR " යන වචන අනුසාරයෙන් . ඒ රටේ අලිගැට පේර පොත්ත ඉතා රළු කිඹුල් හමක් වගේ. එමෙන්ම පෙයාස් ගෙඩියේ හැඩය නිසා "ALIGATOR PEAR " යන නම ඔවුන් බාවිතා කරනවා. මේ පලතුර ගෙන අන්තර්ජාලය ඇසුරෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවනි. (ර)
ඉනෝකා ලියලා තියන එක ඇත්තක් තමයි. මෙහෙ එක අලි පේර ගෙඩියක් පව්මක් විතර වෙනවා. අපේ ළමයි ආස නිසා අරන් දෙනවා තමයි, එත් ලාබ නිසා අපි වැඩියෙන්ම කන්නේ කෙසෙල් ගෙඩි තමයි. (ර)
ලංකාවේ මිනිස්සු මේ අලිගැට පේර පැහෙන්න ඉස්සර කඩලා නිකම් නාස්ති කරනවා. කඩෙන් ගන්න පුළුවන් අලි පේර වලින් 25% විතර තමයි හොඳ ඒවා තියෙන්නේ. ඒක හින්දා මිනිස්සු දැනුවත් කරලා රටට තියන මේ වටිනා පළතුර ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනෑ (නි)
අලිගැටපේර ගෙඩි බාගයකට වඩා දවසකට කන්න එපා කියල දොස්තරලා කියන්නේ. එකත් සිනි නොදා කන්න ඕනේ.(ම)
අපි ඉන්න රටේ මේ පලතුර ටිකක් ගණන් වැඩි පළතුරක්. එක වරකට ගෙඩි කිහිපයක් තමයි මිල දී ගන්නේ. නුවර ඉන්න අපේ නංගිලාගේ වත්තේ තියන අලි ගැට පෙර එම ප්‍රදේශයේ ඉන්න වදුරෝ ගොඩාක් වෙලාවට විනාස කරලා දාන නිසා නංගිලා කරන්නෙත් ගෙඩි ටික පැහෙන්න ඉස්සර වෙලා කඩලා හැම කෙනාටම බෙදලා දෙන එකයි. මගෙනුත් අහනවා තැපැල් කරලා එවන්නද කියලා. (ර)
අලිපේර කියන්නෙ අධික කැලරි ප්‍රමාණයක් ඇති පළතුරක්.නමුත් සෙම සහිත රෝගින්ගේ සෙම වර්ධනය වෙනවා.සාදික්කා කුඩු ස්වල්පයක් සමඟ කෑමෙන් ඵම තත්වය මඟහරවා ගතහැකි අතර වාජීකරණ ගුණයෙන්ද රසයෙන්ද ඉහළයි.රූපලාවන්යයේදිද සමට ආලේපයක් ලෙස භාවිතා කරයි (නි)
මගේ ශරීරයේ, ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වීමෙන් වකුගඩුවක් පහතට ඇදීමෙන් මීට මාස කීපයකට පෙර එය ඔපරේෂන් එකක් මගින් ඉහලට කර යතා තත්වයට පත්කලා. මේ අවස්ථාවේදී වෛද්‍යවරයා වරයා මට නිතර ආහාරයට හොඳ කොලොස්ටරෝල් අඩංගු ආහාර අතරට අලිගැට පේරද ආහාරයට ගන්න කීවා. මාද එය විශ්වාස කරමි (නදී)
ඇලිගේටර් යනු කිඹුල් විශේෂයක්.(බ)
අලිගැටපේර වල තිබෙන ඖෂධීය ගුණය ගැන දන්නා නිසා මගේ වත්තේ අලිගැටපේර ගස් 3-4ක් වවලයි තියෙන්නේ.ඩුබායි වල අලිගැටපේර කිලෝ එකක් රුපියල් 350-550 විතර වෙනවා.එහෙත් අපේ රටේ හොඳින් පැසුණු අලිගැටපේර තරම් රසයෙන්,ගුණයෙන් අඩුයි. (නි)
ඖෂධීය ගුණය අතින් ඉහළම පළතුරු ජාති 3 නක් ගැන කුරානයේ සහ බයිබලයේ සඳහන් වෙනවා කියලා මම අහලා තියෙනවා.දෙළුම්,ෆිග් සහ රටඉඳි.ෆිග් කියන වර්ගයේ පළතුරු ලංකාවේ තිබෙනවා කියලා මම අහලා නැහැ.ලංකාවේ අට්ටික්කා කියන්නේ ෆිග් වලටද? (නි)
මෙය ඉතාමත් සතුට දනවන පුවතක්. කැනඩාවේ හටගන්නා අලිපේර සහ අපේ රටේ හටගන්නා අලි පේර අතරේ (කාලගුණික හා දේශගුණික රටා දෙකක් නිසා) රසායනික සංයුතියේ වෙනසක් තිබේ නම් ඉහත සොයාගැනීමේ වාසිය අපට ලැබේද? තායිලන්තයේ සියඹලා බහුතරය ඇඹුල් රසින් අඩුය. පැණි රසයෙන් වැඩිය. එහි ගෝනුස්සාගේ විෂ නැත. අපේ ගෝනුස්ස විෂයි. (නි)
මම කැමතියි මේ පළතුරට (නි)
තිලක්-ඩුබායි,ඔබ අලි ගැට පෙර ගස් 3-4වවලා තියෙන්නේ ඩුබායි වලද? ඔබ හරි වාසනාවන්තයෙක්.මටත් ආසයි මගේ පුංචි ඉඩමේ ගහක් දෙකක් වවන්ට.ශීත රටවල් නිසා එහෙම වාසනාවක් අපට නැහැ. (ස)
තිලක් ගස්වැල් ගැනත් දන්නවා.මට පුදුමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන මොකුත් නොකියපු එක ගැන (නි)
ස්තූතියි විපුල, රෝගීන් වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි (ම)
තව දෙයක් තමයි මොළයේ පිළිකා වලට ගංජා ඖෂධය හොඳ බව එංගලන්තයෙන් සොයාගෙන තිබෙනවා. දැනට තවත් රටවල් කිහිපයක මෙම ඖෂධය යොදාගන්නවා... (නි)
ලෝකයේ මොන බෙහෙත් අාවත් ලංකාවේ තියන පලතුරු එළවලු පලා වලට තරංග කරන්ට බැහැ (නදී)
හැබැයි ඉතින් තව කලක් යනකොට ලංකාවේ කුරුඳු වලට ඇති තැන නැතිවෙයිද දන්නේ නැහැ. මොකද ඵලදාව වැඩියි කියලා මැලේෂියන් කුරුඳු වගයක් වවන්න හදනවා කියලා තිබුනනේ. (නි)
තිලක්, බයිබලයේ සහ කුරානයේ තියෙන්නේ ඒ පොත් ලියවුණ පරිසරයේ තිබුන පළතුරු. එහෙම කියලා අපේ වැලවරක අනෝදා ගුණාත්මකබවින් අඩුයි කියලා නිගමනය කරන්න නම් බැහැ .ෆිග් කියන්නේ අට්ටික්කා විශේෂයක් තමයි.ජපන් වලින් කියන්නේ ඉචිජිකු. ඊශ්‍රායල් වල එයාලගේ ඉහළින් සමරන කුඩාරම් මංගල්ලේ විශේෂිත පළතුර දෙළුම් (නි)
මේ සොයා ගැනීම දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් ඉතාම සතුටු දනවන කාරණයකි . ඒවගේම අලිගැට පේර අධි රුධිර පීඩනයට සහ කොලේස්ටරෝල්ල් තත්වයන්ට කුමන ආකාරයෙන් බලපානවද , එසේනම් ඒසඳහා යම්කිසි පාලනයකට යටත්ව කටයුතු කරන්නේ කරන්නේ කෙසේද යන්නත් , දැනුවත් කරන්නේනම් සියලු රෝගීන්ට අපරමිත සහනයක් වෙයි (ම)