බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473ක් සෞඛ්‍ය ආරක්ෂ නීති අනුගමනය නොකරන බව පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ප්‍රවෘත්තිය විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හෙළිකර ඇති පරිදි මේ ආයතන 473ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඉදිරියේදී නඩු පැවරෙනු ඇත.
නිරෝධායන නීති කැඩූ ආයතන පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ ඉකුත් 11 වැනිදා සිට පොලීසිය මගින් ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදීය. එම මෙහෙයුම් නොවන්නට තවමත් මේ ආයතන නීති කඩමින් එම ආයතන පවත්වාගෙන යන බව මෙහි යටි පෙළේ කතාවය. එසේම අදාළ විශේෂ මෙහෙයුමෙන් අනාවරණය නොවූ පළාත්වල මෙවැනි ආයතන කොතෙකුත් තිබිය හැකි බවද එමගින් ගම්‍ය වෙයි. නීති කැඩූ ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, විදුලි, ජල සහ දුරකතන බිල්පත් ගෙවීමේ ආයතන වැනි රාජ්‍ය අංශ කාර්යාලද තිබීම කැපී පෙනෙයි. නිරෝධායන නීති අකුරටම රකින බවට ඉහළම ආදර්ශය ලබාදිය යුතු රාජ්‍ය ආයතන එසේ හැසිරීම කනගාටුවක් බව සඳහන් කළ යුතුය.
රාජ්‍ය ආයතන පමණක් නොව කර්මාන්තශාලා ඇතුළු පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙළෙඳසල්ද මේ නීති කැඩීමේ වරදට හසුව සිටින බවද වාර්තා විය. රජයේ ආයතන පමණක් නිරෝධායන නීති රැකගැනීමට කැපවීමෙන් පලක් නැත. පෞද්ගලික ආයතනද එම වගකීමට බැඳී සිටියි. රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා මේ වගකීම පැහැර හැරීම යනු කොරෝනා වයිරසයට දොර හැරදීමකි. එයින් කරදරයට පත් වන්නේ සේවක සේවිකාවන් පමණක් නොවේ. ඔවුන්ගේ නිවෙස්වල වෙසෙන සමීපතමයන්ද එහි වින්දිතයෝ වෙති. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ නම් මේ කරදරයෙන් මිදීම අමාරු නැත.
පොලිස් පරිසර කොට්ඨාසයේ නිලධාරීන් 400ක් සහ සෞඛ්‍ය බලධාරීන් පිරිසක්ද සෞඛ්‍ය නිර්දේශ නිවැරදිව පිළිපදින්නේද යන්න සොයාබැලීම සඳහා යොදවනු ලැබ සිටිති. එහෙත් ඒ පිරිසට පමණක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති සෞඛ්‍ය නිර්දේශ පිළිපදින ආයතන පිළිබඳව සොයාබැලීම කළ නොහැකිය. එම නිලධාරීන් පැමිණෙන විට නීති පිළිපැදීමටත් ඔවුන් නැතිව සිටින කාලයේ නීති පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීමත් කොරෝනා වසංගත ව්‍යාප්තිය වළක්වා ගැනීමට උපකාරී නොවේ. ඒ සඳහා සොයාබැලීමට එන පොලීසියේත් සෞඛ්‍ය සේවයේත් නිලධාරීන්ට සහාය ලබාදෙන ප්‍රතිපත්තියක සිටීම සියලු ආයතනවල කාර්යභාරය විය යුතුය. එම ආයතනවල සේවක සේවිකාවන්ගේත් ඊට අනුරූපව රටේ සෙසු සියලු දෙනාගේත් ආරක්ෂාව සැලසෙන්නේ එම කාර්යභාරය ඉටු වූවොත් පමණි.
මේ රටේ රජයේ සහ පෞද්ගලික ආයතන සේවක සේවිකාවන් අතුරින් බහුතරයක් කාර්යාලයට පැමිණෙන්නේ පොදු ගමනාගමන සේවයේ පිහිටෙනි. ඒ ආකාරයට බස් රථ සහ දුම්රියෙන් පැමිණෙන පිරිස් කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක සිටිති. ඔවුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ආයතන තුළ ක්‍රියාත්මක නොවන්නේ නම් එම ආයතන සියල්ලම දැඩි අනතුරක සිටින බව සඳහන් කළ යුතුය. එය වැළැක්වීමේ නිසි පියවර ගැනීම එම ආයතන ප්‍රධානීන්ගේ වගකීම විය යුතුය. තමන් පමණක් පරෙස්සම් වීම රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කිසිම සහායක් නොදෙන බව මේ ප්‍රධානීන් දැන සිටිය යුතුය.
ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ එංගලන්තයේ අලුතින් ව්‍යාප්ත වූ වැඩි වේගයකින් ව්‍යාප්ත වන වයිරසය රටට ඇතුළු වූ අවස්ථාවකය. ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබුණේ එම වයිරසය හේතුවෙන් ඉදිරි කාලයේදී රට තුළින් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යා හැකි බවය. දැඩි අවදානමක් සහිත එම නව කොරෝනා ප්‍රභේදය සමාජයට පැතිර යාමක් සිදු නොවනු ඇති බවට විශ්වාසය පළකරන සුදත් සමරවීර මහතා එංගලන්ත වයිරසය බෝ වීම අවම කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කර තිබිණි. රජයේ සහ පෞද්ගලික ආයතන තමන්ගේ ආයතන නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ වැදගත්කම මේ හේතුවෙන්ද කැපී පෙනෙයි. එංගලන්තයේ වයිරසය මෙරට ඇතුළු වූයේ එරටින් පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් බවද සඳහන්ය. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක්ද පවතින හෙයින් ඒවා නිසි ලෙස නීති අනුගමනය කරමින් පවත්වාගෙන නොගියහොත් රටම අමාරුවේ වැටී සිටීමට ඉඩ තිබේ. ඒ සඳහා පොලීසිය හෝ සෞඛ්‍ය බලධාරීන් හෝ පැමිණෙන තෙක් බලා සිටිය යුතු නැත.
කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම රටේ සෑම ප්‍රදේශයකින් පාහේ වාර්තා වන බැවින් ආයතන මට්ටමින් සිදුවිය යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම අකුරටම සිදුවීම අවශ්‍යය. එම ආයතන තුළ රාජකාරිවල නිරත සේවක පිරිස් තුළද ඒ පිළිබඳ නිසි අවබෝධයක් තිබිය යුතුය. තමන්ගේ පරෙස්සම පිළිබඳව සියලු දෙනාටම වග බලාගත හැකි නම් කාර්යාල හරහා රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම අපහසු නැත. කොළඹ ප්‍රදේශයේ වුවද ආයතන මට්ටමින් පැතිර ගිය කොරෝනා පොකුරු බිහිවීම බොහෝදුරට වළක්වා ගත හැකි වූයේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීම හේතුවෙනි. සෙසු පළාත්වලටද එම ක්‍රියාමාර්ග ගැනීම අපහසු නොවේ. හැදුනාට පසුව කෑගසනවාට වඩා වැදගත් වන්නේ තම තමන්ගේ ආයතන පරෙස්සම් කරගැනීමය.
(***)
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
වගකීම පැහැර හැරිය ආයතන රටටම විනයක්
Raveendra Tuesday, 19 January 2021 06:34 AM
කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා පිළිබඳව අප අගයන්නෙමු. පුරවැසියන්ගේ වගකීම්, යුතුකම්, නිසි ලෙස ඉටු කරන්නේ නම් මෙවන් ගැටළු කිසිවිටකත් පැන නොනැගී යන්න අප තරයේ විශ්වාස කරන්නෙමු. මක්නිසාදයත් මෙම ආයතනවල සේවය කරන්නේ අපගේම පුරවැසියන් ලෙසත් අප අප පිළිබඳවම ලැජ්ජා වියයුතු නොවේද? අප උපන්, හැදුණු වැඩුණු පරිසරයෙන් මෙන්ම ඉගෙන ගන්න පාසැලෙන් පුරවැසියන්ගේ යුතුකම්, වගකීම් පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගැනීමේ ප්‍රතිඵල අප ඉදිරියේදීම අපටම දැකගැනීමට හැකිවීම අවාසනාවකි.
mahinda Tuesday, 19 January 2021 06:42 AM
වගකීම් පැහැර හරින රාජ්‍ය ආයතන මාධ්‍ය මගින් එළිකරලා නඩු දැම්මාට වගකීම් පැහැර හරින දේශපාලකයාව මාධ්‍ය කිසිම ආකාරයකින් දකින්නේම නෑ. දැක්කත් වගේ වගක් නැහැ. ඒ අය රටට මහත් වාසනාවක් කියලා මාධ්‍ය විශ්වාස කරනවා ඇති, නැත්නම් වෙනත් වාසි ඇති...