IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මන්නාරමේ සිදුවීම හෙළාදැකිය යුතුයි

මන්නාරමේ ස්ථාන ගණනාවක පිහිටි කතෝලික සුරුවම් 06කට පහරදී හානි කිරීමේ සිද්ධියක් පසුගිය දින කිහිපය තුළදී වාර්තා විය. මන්නාරම පොලීසිය මගින් මාධ්‍යවලට ප්‍රකාශ කළ පරිදි ස්ථාන කිහිපයක සුරුවම්වලට පමණක් පහරදීම සිදුව ඇති අතර එම ප්‍රහාරවලින් සුරුවම් ආවරණ කුටි හානියට පත්ව තිබේ. එහෙත් පල්ලිවලට පහරදීමක් සිදුව නැත. පහරදීමට හවුල් පුද්ගලයන් සොයා මන්නාරම් පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ පහරදීම්වලට ලක්ව ඇත්තේ ඈත පිටිසරබද ප්‍රදේශවල පිහිටි සුරුවම් නොවේ. මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක්ද, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේද පිහිටි සුරුවම් ප්‍රහාරයට ලක්වීමෙන් පැහැදිලි වන්නේ මෙය අයාලේ යන පිරිසකගේ වැඩක් නොව කිසියම් පිරිසකගේ අත්තනෝමතික තීරණයක ප්‍රතිඵලයක් බවය. අයාලේ යන පිරිස් මහා මාර්ගයක පිහිටි සුරුවමකට පහරදී නිකම් අමාරුවේ වැටීමට කැමැත්තෝ නොවෙති. එහෙත් කිසියම් දුෂ්ට චේතනාවක් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන පිරිසක් කටයුතු කරන්නේ එසේ නොවේ. සියලු‍ දෙනාට පෙනෙන පණිවුඩයක් හෝ සංඥාවක් ලබාදීමට මෙවැනි දඩබ්බර ක්‍රියාවට පෙළඹෙන ඔවුහු මහපාර අද්දර ඉලක්කවලට පහරදීම කරති. එය එසේ නම් මෙවැනි ක්‍රියා නවත්වා ගැනීමට හැකි හැම පියවරක්ම අප්‍රමාදව ගතයුතු වෙයි.

මන්නාරමේ ඇතිවූ මේ සිද්ධිය හුදෙකලා සිදුවීමක් වශයෙන් සලකා බැහැර කළ හැකි වුවද එය රටේ පවතින ආගමික සහජීවනයට දැඩි පීඩනයක් එල්ල කරන බවද අමතක නොකළ යුතුය. බොහොමයක් ආසියානු රටවල ආගමික සහජීවනය බිඳ දැමීමට එක ගිනිකූරක් පමණක් සෑහෙයි. ශ්‍රී ලංකාවද එයින් මිදී නැත. මන්නාරමේ සුරුවමකට එල්ල කරන ලද එක් ගල්පහරකින් රටේ සෙසු ප්‍රදේශවල ආගමික සහජීවනයට දැඩි හානියක් සිදුකළ හැකි බව තේරුම් ගත යුතුය. එය සිදුකළ පිරිසගේ චේතනාව එවැනි හානියක් සිදුකිරීම නම් රටේ සෙසු පිරිස් එම දඩබ්බර අන්තවාදී අදහස් ඇති අයගේ අතකොලු‍ බවට පත්වීමෙන් වැළකී සිටීම අවශ්‍යමය.

මහනුවර නගරය මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු නගරයයි. එහෙත් එහි ඇති සිද්ධස්ථාන දළදා මාලිගාව ප්‍රමුඛ බෞද්ධ සිද්ධස්ථාන පමණක් සීමා නොවේ. මහනුවර නගරය වටපිටාවේ පවා කතෝලික, ඉස්ලාම්, හින්දු ආගම්වලට අයත් සිද්ධස්ථාන පිහිටා තිබේ. මේ සියලු‍ සිද්ධස්ථාන එකී ආගම්වලට අයත් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙයි. රටේ සෙසු ප්‍රදේශවලද ඒ ආකාරයටම ආගමික සහජීවනය ක්‍රියාත්මක වෙයි. යාපනයට, මඩකලපුවට පමණක් නොව මාතරට ගියත් මේ තත්ත්වය එසේමය. පන්සලට පමණක් නොව පල්ලියටද කෝවිලටද සියලු‍දෙනා ගරු කරති. පවතින එම තත්ත්වයට හානි කිරීමට කිසියම් අයකු හෝ පිරිසක් කටයුතු කරනවා නම් ඒ උත්සාහය පිටුපස තිබෙන්නේ දුෂ්ට චේතනාවක් බවට සැකයක් නැත.

රටේ ආරක්ෂක අංශ මෙවැනි සුළු සිදුවීම් සම්බන්ධයෙන් දැඩිව පරීක්ෂාකාරී වීම අනාගතයේ සිදුවිය හැකි බරපතළ අවදානමක් වළක්වා ගැනීමේ පියවරක් බවද පෙන්වා දිය යුතුය. අප කලින්ද පැවසූ පරිදි මහා ගින්නක් ඇති කිරීමට එක ගිනිකූරක් ප්‍රමාණවත් වුවද එය නිවා දැමීමට ඇතැම් විට ගිනි නිවන හමුදාවක්ම කැඳවුවත් එයද ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබේ. එසේම ආගමික සහජීවනය තුළ ගිනි අවුළුවා එයින් තමන්ගේ ගැටලු‍ විසඳා ගැනීමට මාන බලන අන්තවාදී පිරිස්වලටද මෙවැනි අවස්ථා සපයන්නේ විශාල උත්තේජනයකි. ඒ ගැනද රටේ සියලු‍ ආගම්වලට ගරුකරන ජනතාවගේ අවධානය යොමුවීම අවශ්‍යය.

මෙරට කතෝලික ජනතාව මහත් කම්පනයකට පත්කළ පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ අගරදගුරු කාදිනල්තුමන් ඇතුළු සමස්ත කතෝලික පල්ලියම සියලු‍ රටවැසියන්ට ආයාචනා කර සිටියේ රටේ ආගමික සංහිඳියාවට මේ සිද්ධිය බාධාවක් කර නොගන්නා ලෙසටය. එම සිද්ධියෙන් කතෝලික ජනතාව සිය ගාණක් මරුමුවට පත්වුවද රටේ කිසිදු පුරවැසියකුට හිරිහැරයක් වීමට ඉඩ නොතබන ලෙසත් අවස්ථාවාදීන්ට රට අවුල් කිරීමට අවස්ථාවක් නොදෙන ලෙසටත් ඔවුහු ඉල්ලා සිටියහ. අමාරුම අවස්ථාවක ආගමික සංහිඳියාවට හානියක් වීමට ඉඩක් නොතැබූ එම අවස්ථාව මේ රටේ සියලු‍ ජාතිකයන්ගේ මහත් පිළිගැනීමට ලක්වූ බවද අපට මතකය.

ඒ කෙසේ වුවද මන්නාරමේ සුරුවම්වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික පල්ලියද දැඩිව පරීක්ෂාකාරීව කරුණු සොයාබලනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. පසුගිය සති කිහිපය තිස්සේම කතෝලික පල්ලියේ නායකත්වය විසින් ආණ්ඩුවේත් රටේත් අවධානය යොමු කරවමින් ප්‍රකාශ ගණනාවක් කර තිබිණි. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාද මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව නැගූ හඬද එසේම ගිනිගත් නෞකාව හේතුවෙන් අසරණ භාවයට පත් ධීවර ජනතාව මුහුණදෙන ගැටලු‍වලට විසඳුම් ඉල්ලා සිටීමද එම ප්‍රකාශ අතර වෙයි.

මන්නාරමේ සිදුවීම් සහ එම ප්‍රකාශ අතර සම්බන්ධයක් ඇතැයි සඳහන් කිරීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් ඇතැම් බලලෝභී, කුමන්ත්‍රණකාරී පිරිස් විසින් එවැනි උත්සාහයක් දැරීමට තිබෙන ඉඩකඩද අපි අවතක්සේරු නොකරමු. එවැනි අවස්ථා හැකි තරම් මගහරවාගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ බලධරයන්ගේ වගකීමය. කොරෝනාවෙන් බැට කා ආර්ථික වශයෙන් බරපතළ අවදානමක සිටින අපේ රටට තවත් අර්බුදයක් අවශ්‍ය නැත.

(***)



අදහස් (4)

මන්නාරමේ සිදුවීම හෙළාදැකිය යුතුයි

janahitha Saturday, 17 July 2021 12:31 PM

අපේ දෙපා පණනැති වුණා... පෘතුගීසි මහත්වරු ආවොත් අපි ඉවරෙටම ඉවර වෙනවා. ඉංග්‍රීසි මහත්වරුත් එහෙමයි. කරුණාකරලා මේක නවත්වන්න.

:       0       2

sathya smaga api Saturday, 17 July 2021 10:19 PM

සෑම හන්දියක් ගැනේ සුරුවම් හැදීම වහාම තහනම් කළ යුතුය. බෞද්ධ උරුමයන් ඉස්මතුවේය..‘ යන බියෙන් හැකි සෑම තැනම අන්‍යාගමික ප්‍රතිමා ඉදිකරනවා. ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි මහපාරේ හන්දි ගානේ ආගම අදහමින් කරන්නේ දකුණු ආසියාවේ පමණි. මුග්ධ ජනයා සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරනවා...

:       25       7

vidya Monday, 19 July 2021 07:26 AM

මෙවැනි අපරාධ කරන පාපතරයන්ට දඬුවම් කළ යුතුය. පාරවල් පිරිසිදු කිරීම, තාර දැමීම, ජපන් ජබර ගැලවීම වැනි වැඩසටහනකින් පුනරුත්ථාපනය කළ යුතුය.

:       0       3

බද්රානි Monday, 19 July 2021 07:03 PM

අර අහිංසක මුස්ලිම් මිනිස්සු පිටින් දාලා ඔය වගේ ජඩ වැඩ කරන්නේ කවුද කියලා... මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. අනික ඔය මැටි සුරුවම්, පිළිම කැඩුවා කියලා ආගම දහමේ හරයට කිසිදු හානියක් සිදු නොවන බවවත් මේ අමන අඥාන රැල දන්නේ නැහැ. ආගමක් දහමක් හරිහැටි නොපිළිපදින නිසා තමයි මේ අයට අන්‍ය ආගමිකයින්ගේ රටවල් වලට ගොස් බැල මෙහෙවර කරමින්, තමනුත්, පවුලත් ජීවත් කරවීමට සිදුවෙලා තියෙන්නේ...

:       25       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site