IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ළමයා බඩට ආපු දවසේ ඉඳන් එයාට මා එපා වුණා


මගේ නම නිර්මලා.. මා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ තමයි නිමන්ත හඳුනා ගත්තේ. ඇත්තටම ඒ කාලයේ මං ලස්සන කෙල්ලක්. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මගේ ආදරය ඉල්ලා සිසුන් කිහිප දෙනෙකුම මගේ පස්සෙන් ආවා. නමුත් මගේ සිත ඇදීගියේ නිමන්තට. නිමන්ත ඒ කාලයේ කඩවසම් තරුණයෙක්. විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පසු අපි දෙන්නටම ගුරුපත්වීම් ලැබුණා. අපි දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවට වසර පහක් විතර ඇති. රැකියාවල් ලැබුණාට පස්සේ අපි දෙන්නා විවාහ වුණා.


 අපි දෙන්නා පදිංචිවෙලා හිටියේ පිටිසර ගම්මානයක. කුලියට ගත්තු නිවසක. ඒකට හේතුවක් තිබුණා. අපි දෙන්නාටම මුල්වරට පත්වීම් ලැබිලා තිබුණේ දුෂ්කර ප්‍රදේශයකට. විවාහ වුණාට පසු අපි දෙන්නා ඉතා සතුටෙන් තමයි යුග ජීවිතය ගත කළේ. ඇත්තටම නිමන්ත මට ගොඩක් ආදරය කළා. නමුත් අවුරුද්දක් විතර යන විට නිමන්තගේ යම් වෙනස්වීමක් මා දැක්කා. පොඩි දෙයටත් ඔහු මට බැණ වැදුණා. අපි දෙදෙනා අතර නොයෙකුත් ගැටුම් ඇති වුණා. නමුත් ඒ ගැටුම් වැඩිය දුරදිග ගියේ නැහැ. නිවසේ බත්හැළිය ඉදෙනකම් තමයි ඒ ගැටුම් පැවතියේ. කාලය මේ අයුරින් ගෙවී යද්දී මාව ගැබ්ගත්තා. මේ සුබ ආරංචිය නිමන්තට කීවේ ඉතා සතුටෙන්.  නිමන්ත ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ. මා මේ ගැන නිමන්තට කීවා.. ඒත් නිමන්ත ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුයේ නැහැ. නිමන්ත කුකුල් කෙන්තිකාරයෙක් කියලා පස්සේ තමයි මා දැනගත්තේ. මාව ගැබිනියක් බවට පත්වීමෙන් පසු නිමන්තගෙන් වන හිරිහැර වැඩි වුණා. ඇත්තටම මම ජීවත් වුණේ කදුළු බොමින්.


 අනේ නිමන්ත මට මේ විදියට හිරිහැර කරන්න එපා. මගේ හිත පාරන්න එපා. දැන් මට ජීවත්වීමත් එපා වෙලා තියෙන්නේ. නමුත් බඬේ ඉන්න දරු පැටියා නිසා ඉවසනවා. මම බැරිම තැන නිමන්තට කිවා.. එහෙත් මේ කිසිවක් නිමන්ත ගණන් ගත්තේ නැහැ. ඔහු මගේ සුළු වැරැද්දක් පවා අල්ලාගෙන මට දොස් පැවරුවා. වෛද්‍යවරයකු හමුවෙන්න යන්න කතා කළත් හැමවිටම කුමක් හෝ දෙයක් කියලා නිමන්ත මඟ හැරියා. ඇත්තටම දින කිහිපයක්ම වෛද්‍යවරයා හමුවීම සඳහා මම ගියේ මගේ ඥාති සහෝදරියත් එක්ක. ඔය අතරේ එක් දිනක උදෑසන නිමන්ත මාත් එක්ක හොඳටම රණ්ඩු වුණා.. ඔහු මට පහර දුන්නා. ඒ විතරක් නෙවෙයි මගේ බෙල්ලත් මිරිකුවා. මාව බිම ඇදගෙන වැටුණා. වැඩිවේලාවක් ගියේ නැහැ මම මගේ ලෝකයට යන්නට ගියා. නිමන්ත මට මෙහෙම දෙයක් කරයි කියලා මට හිතාගන්නවත් බැරි වුණා. නමුත් නිමන්ත හැදුවේ මගේ මරණය වුණේ විදුලිසර වැදීමෙන් කියලා පෙන්වන්න. ඔහු ඒ සඳහා උපක්‍රමයක්ද යොදා තිබුණා.


 නිමන්ත මේ ගැන පොලිසියට ගොස් මාර කතාවක් තමයි කියලා තිබුණේ. මම තේ උණු කිරීමට කුස්සියට ගියා, ඒ වේලාවේ මම බිම වැටිලා හිටියා කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු හීටරයක් හා වතුර පෝච්චියක් බිම වැටුණු විදියට සෙට් කරලා තිබුණා. නිමන්තට ඕනෑ වුණේ මගේ මරණය විදුලිසර වැදීමෙන් වුණා කියලා කියන්න. පොලිසියේ මහත්වරුත් නිමන්ත කියන කතාව විශ්වාස කළා. නමුත් ඇත්ත හෙළි වුණේ මගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනාවට පස්සේ.. මගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහත්තයා. නිමන්ත කාට බොරු කළත් ඒ දොස්තර මහත්තයාට නම් බොරු කරන්න බැරි වුණා..


  දොස්තර මහත්තයා මිනී කාමරයේදී මගේ මළ සිරුර බාහිරව සියුම් ලෙස පරික්ෂා කළා.. මගේ  සිරුරේ කිසිදු තුවාලයක් දක්නට තිබුණේ නැහැ.. මගේ දෑත්වලට හා පාදවලට විදුලි සර වැදුණේ නම් ඇඟිලි රත් පැහැති වී තද වී සම හැකිළී යනවා කියලා දොස්තර මහත්තයා කිවා.. එහෙත් මගේ  සිරුරේ එවැනි ලක්ෂණ දක්නට ලැබුණේ නැහැ. මගේ ගෙලෙහි අසාමාන්‍ය සිරීම් තුවාල කිහිපයක් තිබෙනු දොස්තර මහත්තයාගේ නිරීක්ෂණයට ලක්වුණා.. ඇඟිලිතුඩුවලින් සිදුවූ තැළීම් තුවාල කිහිපයක්ද මගේ ගෙලෙහි ඉදිරිපස තිබුණා.. පස්සේ දොස්තර මහත්තයා මගේ සිරුරේ අභ්‍යන්තර කොටස් පරික්ෂා කළා. මගේ ගෙලෙහි තිබූ තුවාලවල හමට යටින් ඇති මාංශපේශිවල රුධිරය ගලා ගොස් ගෙලෙහි ඉදිරිපස රැඳී තිබෙනවා කියලා දොස්තර මහත්තයා කීවා. මා පණපිටින් ඉන්න විට මගේ ගෙලට විශාල බලයක් යොදපු නිසා තමයි ගෙලෙහි මාංශ පේශිවලට ලේ ගලාගෙන විත් තිබුණේ, කියලා දොස්තර මහතා කීවා. ඒ විතරක් නෙවෙයි මගේ ගෙලෙහි දෙපැත්තේ අඩකව ආකාරයේ සීරීම් තුවාල තිබුණා. නිමන්තට තවදුරටත් මේ සිද්ධිය වසන් කරන්න බැරි වුණා. ගෙල මිරිකීමෙන් මගේ මරණය වී ඇති බවට දොස්තර මහත්තයා තීන්දු කළා. නිමන්ත කියපු බොරු ගොතපු කතා අතේ මාට්ටු වුණා. එක තමයි කියන්නේ අපරාධයක් කරලා ඒක වසන් කරන්න බැහැ කියලා.


 නිමන්ත කියලා තිබුණේ මගේ ගෙලට විදුලිසර වැදුණා කියලා. නමුත් ඒ බවට කිසිදු සලකුණක් තිබුණේ නැහැ. නිමන්ත මගේ ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වුණා.. පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ ඝාතනය වසන් කිරීමට නිමන්ත නොයෙක් දේවල් කීවා. නමුත් දොස්තර මහත්තයා දීපු තීන්දුවත් එක්ක ඔහුට පොලිසියෙන් පවා ගැලවෙන්න බැරි වුණා. ඇත්තටම එදා නිමන්තට මා මරන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට සුළු දෙයටත් කේන්ති යනවා. මාත් අතර ඇතිවූ බහින්බස් වීමෙන් පසු ඇතිවූ ක්ෂණික කෝපය නිසා නිමන්ත මගේ ගෙල මිරිකුවා.


(මෙහි එන නම් ගම් මනඃකල්පිතය)
 (යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)

රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.



අදහස් (2)

ළමයා බඩට ආපු දවසේ ඉඳන් එයාට මා එපා වුණා

Bamunuarachchi Sunday, 01 July 2018 08:41 AM

හා... හා.. නියමයි දෙයියෝ සාක්කි..

:       0       4

gamini Wednesday, 04 July 2018 05:39 AM

එයා මානසික රෝගියෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1074 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site