IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර පොළකින් බෝතලයක් ගන්න හිඟන්නෙක් වෙලා

(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය හදිසියේ පැනවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය මත්පැන් ගැනීමට නොහැකි වූ පුද්ගලයකු යාචක වෙස්ගෙන ගොස් මත්පැන් හොරට විකුණන තැනකින් මිලදී ගෙන පැමිණීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කොවිඩ්-19 වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය පැනවිණ. බොහෝ දෙනකු අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා උත්සාහ කළ අතර තවත් පිරිසක් මත්පැන් බෝතල් සොයාගැනීම සඳහා වෙහෙසුණහ.


එලෙස මහන්සි වීත් ප්‍රමාණවත් ලෙස මත්පැන් සොයාගත නොහැකිවූ නමුත් මත්පැන් නැතිව සිටිය නොහැකි පුද්ගලයකු ඇඳිරි නීතිය අස්සේ මත්පැන් සොයා ගන්නා අයුරු දහ අතේ කල්පනා කළේය. මේ සඳහා විසඳුමක් ඔහු සොයා ගත්තේය. මත්පැනට ලොල්ව සිටි ඔහුට නගරයේ මත්පැන් හොරට විකුණන තැන් ගැන හොඳ අවබෝධයක් තිබිණ. එසේ නමුත් කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි නගරයට යාම ඇඳිරි නීතිය නිසා ගැටලුවක් විය. මෙයට විසඳුමක් සොයාගත් ඔහු නිවසේ තිබූ පරණ ඇඳුමක් ගෙන ඉරා යාචකයකු ලෙස ඇඳගෙන හිල්වී කැඩී ගිය සපත්තුවක්ද පැලඳ සැබෑ යාචකයකු මෙන් නගරයට යාමට පිටත් විය. පොලිසිය දකිද්දී දින ගණනාවක් කෑමක් නොලැබූ පුද්ගලයකු ලෙස රඟපෑ ඔහු කෑම වේලක් සොයා ගන්නට යන මුවාවෙන් පොලිස් නිලධාරීන්ගේ අනුකම්පාව ගෙන නගරයට ගොස් හොර මත්පැන් තිප්පොළකින් මත්පැන් බෝතලයක් ගෙන නැවත නිවෙසට පැමිණියේ ද අංක එකේ යාචකයකු මෙනි.


උදේ වරුවේ නගරයට ගිය ඔහු යාචක වෙස්ගෙන ගොස් මත්පැන් බෝතලය රැගෙන සවස් වෙද්දී නිවෙසට පැමිණියේ මහ මෙරක් ලබාගත් පුද්ගලයකු ලෙසිනි.


ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, මත්පැන් ලබාගන්නට තම ගණදෙවි නුවණ පාවිච්චි කළ ඔහු ගමේ මිතුරන් සමග මේ ගැන කතා කරන්නේ මහත් උජාරුවෙනි.



අදහස් (1)

හොර පොළකින් බෝතලයක් ගන්න හිඟන්නෙක් වෙලා

ganegoda Thursday, 26 August 2021 05:20 PM

මේ දවස්වල මග තොටේදී මුණගැහුනෙම සතර පෙර නිමිති වගේ දේවල්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site