නිවෙසකට හොරෙක් වහලයෙන් බැස ඔහු හොරාට හොරෙන් 119 ට පොලිසියට දන්වා නිවස තුළදීම හොරා කොටුකර ගැනීමේ සිද්ධියක් අම්බලන්තොට සියඹලාගස්විල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
කුලියට රෙදි මහන නිවෙසකට රාත‍්‍රී කාලයේ වහලයෙන් බැස සොරකම් කිරීමට සූදානම් වෙද්දී හොරාට හොරෙන් පොලිසියේ 119ට කතාකර සිද්ධිය දැන්වීමෙන් පසු අම්බලන්තොට පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.
පොලිසිය එහි ගොස් නිවස තුළ සිටි හොරා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.