IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හෝටලේ නම බිරියගෙන් අහන්න ගිහින් මිතුරාගේ සායම හේදිලා

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)


මිතුරකුට තමන්ගේ ලොකුකම් පාන්නට ගොස් රෙදි ගලවා ගත් මිතුරකු සම්බන්ධ මේ කතාව කොළඹට නුදුරු ගමකිනි.
අමල් නිතරම තමන්ගේ ලොකුකම් අනුන් හමුවේ කියා පෑමට මහත් ගිජුකමක් දැක්වූයේය. නිවෙස විශාලත්වය, මෝටර් රථයේ වටිනාකම පමණක් නොව බිරිඳගේ රූ සපුවද ඔහු නිතරම ඉහළින්ම වර්ණනා කළේය. අන්‍යයන් අතර එය බයිට් එකක් කර ගත්තද ඔහුට එය නොතේරුණි.
එදා ඉරිදාවකි. අමල් නිවෙසේ විවේකීව සිටියේය. ඔහුගේ පාසල් මිතුරකු වූ සමන් හදිසියේම අමල්ගේ නිවසට ආවේය.
මම මේ ළඟට ආව ගමන් උඹ බලල  යන්න ආවේ. සමන් කීවේය.
‘අඩේ කොච්චර හොඳද. හැබැයි උඹ හරි ලකී අමල් කීවේය.
‘ඇයි බං එහෙම කියන්නේ’ සමන් ඇසුවේය.
‘ඇයි බං උඹ දන්නෙ නැද්ද මමයි පාමාලියි හැම වීක් එන්ඩ් එකකටම කොහෝ හරි යනවනේ. ජීවිතේ කියන්නේ සල්ලි නොවෙයි. ජීවිතේ කියන්නේ හොඳට කාල බීලා ඉන්න ඕනෑ. ෆන් තමයි ජීවිතේ. මම නම් එහෙමයි. මමයි පමාලියි හැම වීක් එන්ඩ් එකකටම කොහෝ හරි හොඳ හෝටලයකට ගිහිල්ලා කාලා බීලා නයිට් එක ඉඳලා එනවා. අමල් කියාගෙන ගියේය.
‘එහෙම කරන්න සල්ලි කෝ බං‘ සමන් ඇසුවේ එය ඇත්තටම ඇසිය යුතු ප්‍රශ්නයක් වූ නිසාය.
‘හම්බ කරන්නේ ඒවාට තමයි. මගෙයි පමාලිගෙයි සැලරිය එකතු කළාම මේවා මහ ලොකුදේවල් නොවෙයි. අමල් කීවේ උජාරුවෙනි.
‘මචං ගිය වීක් එන්ඩ් එකේ ගිය හොටෙල් එක නියමයි. නුවර පැත්තේ තියෙන්නේ. නියමයි බං. අමල් වැඩි දුරටත් කීවේය.
‘මොක්ද බං හෝටලයේ නම’ සමන් ඇසුවේය.
හෝටලයේ නම මතක් කිරීමට අමල් කොතෙක් උත්සාහ කළද ඔහුට නම මතකයට ආවේ නැත. බිරිඳ සිටියේ කාමරයේය. සාලයේ සිටි අමල් කාමරයේ සිටි බිරිඳගෙන් මෙසේ ඇසුවේය.
‘ඩාලිං මොකක්ද අනේ අපි ගිය වීක් එන්ඩ් එකේ ගිය හෝටලයෙ නම’
බිරිඳ ද සුළු මොහොතක් නිහඬව සිට මිතුරකු සාලයේ සිටින බව අමතකව මෙසේ කීවාය.
අනේ මටත් මතක නෑ. අනේ අර අපි හොටෙල් එකෙන් ගෙනාව ටවල් එකේ නම ගහලා තිබුණා. බිරිඳට කියවුණේ ඉබේටමය.
සමන් කට කොනකින් සිනාවෙද්දී අමල් ලැජ්ජාවෙන් ඇඹරෙමින් බිම බලා ගත්තේය.



අදහස් (0)

හෝටලේ නම බිරියගෙන් අහන්න ගිහින් මිතුරාගේ සායම හේදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site