කොළඹ නගරයේ පිහිටි කාර්යාලයක ආරක්ෂක අංශයේ ස්ථාන භාර නිලධාරියා වූයේ විශ‍්‍රාමික රජයේ නිලධාරියෙකි. යුරෝපීය ඇඳුමින් සැරසුණු තරුණයෝ දෙදෙනෙක් ගාම්භීර විලාශයෙන් ආරක්ෂක කුටිය පසු කරමින් කාර්යාලයට පිය නගන්නට වූහ. එක්්ස්කියුස් මී (මට සමාවෙන්න) යැයි පැවසූ ස්ථාන භාර නිලධාරියා සර්ලා කොහාටද යන්නේ යනුවෙන් විමසීය. ”අපිට මිස්ටර් ගාන සේකරන් හමුවෙන්න  ඕනේ එක් තරුණයෙක් පැවසීය.

”එහෙම කෙනෙක් මෙහෙ නැහැ. සර්” ස්ථාන භාර නිලධාරියා පිළිතුරු දුන්විට එහෙම කොහොමද ඔයා කියන්නේ ඊයෙත් අපේ ඔෆීස් එකට මිස්ටර් ගාන සේකරන් ඊමේල් කළානේ. අනෙකා පැවසීය. ඒ උනාට සර් මේ ඔෆිස් එකේ එහෙම නම තියෙන කෙනෙක් නම් නැහැ. ස්ථාන භාර නිලධාරියා නැවතත් සුහදව පැවසීය. දෙන්න ඔෆීස්  ඇටෙන්ඩන්ස් එක. (පැමිණීමේ ලේඛනය) ඉන්නවද නැද්ද කියලා අපි පෙන්වන්නම්” යැයි කෝපවූ තරුණයෙක් පවසා තම මිතුරාට ළංවී ස්ටාෆ් එකේ නම් දන්නැති මිනිසුන් මොනවට තියා ගන්නවාද දන්නැහැ”යි  පැවසූ විට ස්ථාන භාර නිලධාරියාට ද එය ඇසුණි. හෙතෙම නිහඬව කාර්යාලයීය පැමිණීමේ නාම ලේඛනය ඔවුනට පෙන්වීය. එහි ඉංග‍්‍රීසි බසින් ලියා තිබූ නම් පිරික්සූ තරුණයෙක්. ආ මේ තියන්නේ නම, ඔයා බොරුනේ කීවේ. මම මිස්ට ගාන සේකරන්ට කම්ප්ලේන් කරනවා. බොරු කියන ඔයාලා වාගේ අය මෙහෙ තියාගන්න එපා කියලා” යැයි උද්වේගයෙන් පැවසීය. තරුණයා පෙන්වන ලද නම බැලූ ස්ථාන භාර නිලධාරියා අහිංසකව සිනාසුනේය. සර් මේ ගාන සේකරන් නෙමේ. ඥානසේකරන්. ”ඥ” කියලා ඉංග‍්‍රීසියෙන් ලියද්දී ලියන්නේ ඨභ් දාලයි යැයි පැහැදිලි  කළේය. හුළං බැස්ස බැලූම් බෝලයක් මෙන් තරුණයෝ කාර්යාලය තුළට පිවිසුනහ.