IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


සූර්පිට ග‍්‍රාමනිලධාරි රැස්වීමට ඇවිත් ගමන්මල්ල දමා ගිහින්

දකුණු පළාතේ එක්තරා රජයේ කාර්යාලයකදී අපූරු සිද්ධියක් සිදු විය. එදින ග‍්‍රාමනිලධාරීවරුන් සහභාගි වන රැස්වීමක් සඳහා සියලූම දෙනා පැමිණ සිටියහ. සියලූම ග‍්‍රාමනිලධාරී වරුන්ගේ රාජකාරි ගමන් මලූ තැබීමට එක මේසයක් සපයා තිබිණි.

රැුස්වීම අවසානයේ ග‍්‍රාම නිලධාරීවරුන් කළබලයෙන්  පිටව ගියද එක් ග‍්‍රාමනිලධාරී මහතකුට තවත් රාජකාරි කටයුත්තක් කර ගැනීමට තිබූ බැවින් වෙනත් අංශයකට ගියේය. එම රාජකාරි කටයුත්ත කරගත් ග‍්‍රාම නිලධාරී මහතා ගෙදර යාමට සිතා තම කාර්යාල ගමන් මල්ල ගැනීමට ගියේය.

මේසය මත තිබුණේ එක් කාර්යාල බෑගයක් වුවද එය තමාගේ නොවන බව තේරුම් ගත් ග‍්‍රාම නිලධාරීවරයා බෑගය මාරු වී ඇතැයි සිතා එය විවෘත කොට බැලීය. එහෙත් එය අයිතිකරු සොයා ගැනීමට සළකුණක් නොවීය. කෙසේ වෙතත් තමන්ගේම හිතවත් රාළහාමි කෙනකුගේ බෑගයක් නිසා එය රැුගෙන ගෙදර ගියේය.

නිවෙසට ගොස් දන්නා සියලූම රාළහාමිලාගේ අංක වලට අමතා කාර්යාල බෑගය පිළිබඳව විමසීය. කිසිවකුගෙන් ඒ පිළිබඳ තොරතුරක් සොය ගැනීමට නොහැකි විය.

දින තුනකට පමණ පසු එක්තරා ග‍්‍රාමනිලධාරියකු පිළිබඳ සැක සිතී බෑගය සොයන ග‍්‍රාම නිලධාරියා ඔහු සොයා ගියේය.

ඒ යන විට ඔහුගෙන් ග‍්‍රාමසේවා සහතිකයක් ගැනීමට පැමිණි කාන්තාවකට සහතිකය නිකුත් කිරීමට ගෘහ මූලික ලැයිස්තුවේ ඇගේ නම සොයමින් සිටියේය.
‘රාළහාමි ඔය කාන්තාවගේ නම ඔය ලැයිස්තුවේ නෑ, ඔයා බල බල හිටියෙ මගේ ගෘහ මූලික ලැයිස්තුව..’’ යැයි පැවසීය.

අනේ මල්ලි තරහා වෙන්න එපා. ඊයේ මල්ලී කෝල් කරල බෑග් එක ගැන අහද්දී මට පොඞ්ඩක් වැඩිවෙලා හිටියේ. ඊයෙ ඉතිරි වෙලා තිබුණ නිසා අද උදේ හීන් ෂොට් එකක් දාලා හිටියේ.

ඉන් පසු දෙදෙනා බෑග් හුවමාරු කරගෙන රාජකාරි කටයුතු කරගෙන ගියහ.
 



අදහස් (0)

සූර්පිට ග‍්‍රාමනිලධාරි රැස්වීමට ඇවිත් ගමන්මල්ල දමා ගිහින්

දම් Friday, 30 August 2013 02:14 AM

කන බොන එක තමා දේසපාලනය, රටේ සාමය සහජීවනයට හරියන්නේ.බලන්න මෙයා ඇත්තම කිවුවා. වුන දෙය ගැන සමා වෙලා ප්‍රශ්නයත් විසදුවා.එහෙත් රෑපවතී ගේ කතාවනම් හරිම දුක්බර එකක්. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 30 August 2013 02:17 AM

රජයේ සේවකයෝනේ. ඕක ඔයතරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි.මාසේ පඩිය නොවරදවා එනවනේ අඩුවක් නොවී.අපි දුක් වෙලා කුමකටද ඒ ගැන.හොදම සුදුස්සන්ටනේ ඔය රැකියා දීලා තියෙන්නේ.ඒකනේ හරියටම රාජකාරිය කරන්නේ.මේ සේවය බලාපොරොත්තු වෙන අයට දෙවියන්ගේ පිහිට හැර වෙන කුමන පිහිටක්ද ..? (නි)

:       0       0

දුම්මලසූරිය.. Friday, 30 August 2013 02:32 AM

ග්‍රාම නිලධාරියා රැස්වීමට ගිහින් තියෙන්නේ අරක්කු බීලාද? නැත්නම් ගෙදරදී බීලද? (නි)

:       0       0

උපුල් Thursday, 29 August 2013 05:12 AM

මෙයා තමන්ගේ ගෙදර ඉඳන්නේ බීල තියෙන්නේ. ඔහොමද, සමහර කන්තෝරුවල? දවල් කෑමෙන් පස්සේ 2.30 ට 3.00 ට විතර මහත්තුරු ආපහු පුටුවලට එන්නේ වැනි වැනි. වැනෙන්නේ නැතුව කවුරුහරි එනවනම් ඒකෙ තේරුම එයා බීල නැහැ කියන එක නෙමෙයි. වෙරි හිදෙනකල් කැන්ටිමේ නිදාගෙන ඉඳල එනවා කියන එකයි ඒකෙ තේරුම. (අ)

:       0       0

රූපවතී Monday, 02 September 2013 12:46 AM

බමුණු, .මම මගේ ෆාමසිය බදු දුන්නේ වෛද්‍යවරියකට, ඔයාටත් ඕනෑ නැති එකක් නැහැ. ඕපාදූප කන්තෝරුවක් (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 31 August 2013 12:37 AM

මට හිතෙන්නේ ඒක ඒ රැකියාවේ හැටි.ඉතින් එක අතකට ඒකත් අවශ්‍ය බව මගේ හැඟීමයි. මමත් හිටපු ගමන් ටිකක් ගන්නවා. ඉතින් මටත් ඒ වෙලාවට සමහර දේවල් අමතක වෙනවා. ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා (නි)

:       0       0

බමුණු Thursday, 29 August 2013 07:08 AM

ඔහොම අමතක වීම වෙන්න ෂොට් එකක් දාන්නම ඕනේ නැත. (අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 29 August 2013 02:45 PM

රූපවතී, ඔබ කර ඇත්තෙ අගය කළ යුතු වැඩක්.එසේම කෙනෙකුගෙන් ලක් දෙරණ තුළ බලාපොරොත්තු තිබිය නොහැකි උතුම් කෙනෙක්.මේ කල සත් කාර්යයම ඇති ඔබගෙයි ව්‍යාපාරයෙයි ප්‍රගතියටත්. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 29 August 2013 02:56 PM

රුපවති, අහන්නත් බැරි වුණා. දැන් කොහොමද ව්‍යාපාර කටයුතු හොදින් කෙරීගෙන යනවද? (නි)

:       0       0

වරුණ Thursday, 29 August 2013 07:51 AM

ඔන්න ඔය වගේ ගිරාම සේවකයෙක් මග්ගොන පැත්තෙත් ඉන්නවා ඒ යකාව අල්ලගන්න ලේසියෙන් බෑ එක්කෝ කන පල්ලෙන්න උගුඩුව වගේ රා බීල .කිසිම දවසක කාර්යාලයට එන්නේ නැහැ මිනිස්සු ඇවිත් බැන බැන යනවා. ඔන්න අද රටේ ගිරාම සේවකලගේ තත්වය ? (අ)

:       0       0

නලින්ද Thursday, 29 August 2013 08:18 AM

අනේ මට මේකට හිනා යන්නේ නැහැනේ (නි)

:       0       0

කටා මාමා Friday, 30 August 2013 08:22 AM

දෙකක් දාගත්තාම උතුර දකුණ මාරුවෙනවා. (නි)

:       0       0

රුක්මල් Thursday, 29 August 2013 08:58 PM

රූපවතිගෙන් මටත් රස්සාවක් ඉල්ලා ගන්න බැරිද ?

:       0       0

රූපවතී Thursday, 29 August 2013 10:06 AM

2000 වසරේ යම් දිනක මගේ ව්‍යාපාරික ස්ථානයේ ලංකාවේ ,ගමන් මල්ලක් බැරිවී ගොස් තිබු බව මා දුටු හෙයින් ,එය මගේ නොවන බැවින් හිමිකරුවා සෙවීමටත් මොනවද මේ .?යන අදහසින් බැගය විවෘත කළ මට දැක ගත හැකිවූයේ ...අසල වෛද්‍යවරියගෙන් බෙහෙත් ගන්න ලියකියවිලි ,බැංකු පොත්, හැදුනුම් පත හා ලක්ෂ 2, 3,ක් වටිනා පරණ රත්රන් ආබරණ තොගයක් ,වෛද්‍යවරියට එය සැළකල මා හිමිකාරියම මගේ නිවසට ගෙන්වා ,ඇය සතු සියල්ල දීමෙන් පසු මගේ සිතේ ඇති වුනු ප්‍රශ්නය ,ඇයි මේ සියලු වස්තුව මේ අම්මා යන යන තැන ගෙනියන්නේ ?ඇසුවිට ,කීවේ හද කම්පා කරන දෙයකි ...එනම් අලුතින් ගත්තු රෙදි කෑල්ලක්වත් වැලේ වනා ගන්න බැහැ. අගේ පුතා කාට හරි විකුණා අරක්කු බොන බවත්,හමුදාවේ සිටි පුතා මිය ගිය බවත් ,අබ්බගාත එකම දියණිය වෙනුවෙන්,එම ආභරණ ටික ආරක්ෂා කරන බවත් ඇසීමෙන්...මගේ හදවතට දැනුනේ කියා ගන්න බැරි දුකක් ...!!! (ස)

:       0       0

සරත් Thursday, 29 August 2013 10:12 AM

හීනියට දාගත්තම ඔහොම වෙනවා තමයි, ඒක ඇත්ත තමයි. වැරදුනාම කිව්වේ ඔහොම තමයි. (නි)

:       0       0

විජේ Friday, 30 August 2013 09:01 AM

මොනවා කිවූවත් ඇත්ත තත්වේ ඕක තමා ... අපේ ගමේ ග්‍රාම නිලධාරිත් ඔහොම තමයි. (දී)

:       0       0

ගුනේෂ් Friday, 30 August 2013 02:19 PM

ඔයාලට කියන්න අපේ ග්‍රාම සේවක මහත්තයත් මේ වගේම සුර්පිට තමා ඉන්නේ. ඒත් එයා වැටෙන්න බිලා හිටියත් නියමෙට වැඩ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 29 August 2013 10:45 AM

වරුණ, ඔපිස් එකේ බැග් අරගෙන යන්නේ නැද්ද? තාම හැදුනේ නැද්ද? තාම පන්දම් අල්ලනවද? (නි)

:       0       0

මාලක Tuesday, 03 September 2013 03:29 PM

මෙවැනි රජයේ සේවකයෝ සේවයෙන් පහ කරන්න තාරුණ්‍යට ඉඩක් දෙන්න (දී)

:       0       0

රූපවතී Friday, 30 August 2013 12:23 AM

මම ලංකාවේ නැති නිසා මගේ ව්‍යාපාරය බදුදීලා තියෙන්නේ වෛද්‍යවරියකට (නි)

:       0       0

බමණු Friday, 30 August 2013 04:13 PM

රූපවතී නැන්දාගේ ව්‍යාපාරය වෛද්‍යවරියක් බදු ගත්තා නම් මොකක්ද එම ව්‍යාපාරය? මට නම් නොයෙකුත් අදහස් එනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

පොකැට් හොරා බෝතලයෙන් අහුවෙලා
2025 මාර්තු මස 24 161 0

මුදල් පසුම්බියේ හොරා අරක්කු බෝතලයෙන් මාට්ටු කරගත් මහත්තයකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.


අපූරු උපායෙන් අන්දමන්ද වෙලා
2025 මාර්තු මස 21 841 0

තමාට එරෙහිව පෙත්සම් ගැසූ සේවකයින් අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළ ආයතන ප්‍රධානියකු පිළිබඳව ගාලු‍ දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


ඕපාදූප හොයන්න හොදි හැන්දත් අරන් ගිහින්
2025 මාර්තු මස 20 759 0

ඕපාදූප සෙවීම සම්බන්ධයෙන් නම්දරා සිටි කාන්තාවක ගමේ පිරිසක් අතර සිදුවූ රණ්ඩුවක් පිළිබඳව විපරම් කිරීම සඳහා කුස්සියේ ළිප මත තබා තිබූ වෑංජනයක් හැඳිගාමින


හිස් කළයට කෙහෙවලු‍ පටලවාගෙන
2025 මාර්තු මස 19 693 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට යන සිය දියණියගේ ඉස්සරහට හිමිදිරියේම හිස් කළයක් අරන් පැමිණි කතක සමග කෙහෙවලු‍ පටලවාගත් කතක ගැන


සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්
2025 මාර්තු මස 18 710 1

ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හ


සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා
2025 මාර්තු මස 17 844 1

සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 186 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 545 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1172 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site