IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා

(කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)
තම ජංගම දුරකතනය නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා නිවෙස පිටුපස පැත්තේ වැඩක නිරත වෙමින් සිටි ගෙහිමියකුට එම ජංගම දුරකතනයට ආ දුරකතන පණිවිඩයකට නිවෙස් සුරතලයට ඇති කරන බල්ලා පිළිතුරක් දී ඇති බව දැකගන්නට ලැබුණු පුවතක් රඹුක්කන කුරුණෑගල පාරේ මතව ප්‍රදේශයෙන් වාර්තා වේ.


 වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 සිය බිරිඳ රැකියාවටත් දරුවන් පාසලටත් ගිය පසුව නිවෙස් තනිවන ඔහු ගෙවත්තේ යම්කිසි වැඩක් පළක් කරගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. එදිනද නිවෙස පිටුපස මිදුල ළඟ කැලෑවැදී ඇති බැවින් එය සුද්ධ කර දැමිය යුතු යැයි සිතාගත් ඔහු තම ජංගම දුරකතනයට කිසිවකුගෙන් දුරකතන පණිවුඩයක් ආවොත් එය නාදවන හඬ ඇසෙන තෙක් මානයේ නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා තමා වැඩක නිරතව සිටියේය. ඔහු සිතූ පරිදිම ටික වේලාවකින් ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය නාදවන හඬත් ඒ සමඟම නිවසේ සුරතලයට ඇති කරන බල්ලා උඩුබරන හඬත් ඇසී ඒ දෙසට යාමට සැරසෙන විටම දුරකතනය නාදවීම නැවතුණු නිසා නැවතත් තමා යෙදී සිටි කාර්යයෙහිම නිරත විය.


තමා කරමින් සිටි කාර්යය අවසන් කළ ගෙහිමියා ජනෙල් පඩිය මත තිබූ ජංගම දුරකතනය ගැනීම සඳහා එදෙසට ගියේය. එහෙත් තමා ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය එම ස්ථානයේ නොමැති බව දුටු ඔහුට වටපිට විපරම් කර බලන විට තම සුරතල් බල්ලා නිදාගෙන සිටින තැනට නුදුරින් ජංගම දුරකතනය සපා කැබලිවලට කඩා දමා ඇති අයුරු දක්නට ලැබුණි.  


දුරකතනය නාදවන අවස්ථාවේ බල්ලා උඩු බුරලන ශබ්දයක් ඇසුනේය. දුරකතනයේ නාදවීම එකවරම නතර වුයේත් බල්ලා එය බිමට ඇද දමා  සපා කෑම නිසා බව අවබෝධ වුවද ජංගම දුරකතනයක වටිනාකම තිරිසනකුට තේරෙන්නේ කොහොම දැයි සිතා පාඩුව විඳ දරා ගැනීමට  ඔහුට සිදුවිය. 



අදහස් (0)

‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හාල්වලට පොල් හිලව් කරලා
2024 දෙසැම්බර් මස 12 382 0

බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.


නෝනා පුදුම කරන්න ඇවිත් පොලිසිත් යන්නවෙලා
2024 දෙසැම්බර් මස 11 1539 0

නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදුවූ පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා
2024 දෙසැම්බර් මස 10 903 1

වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්


වප්මගුලට අමුතුම තාලේ පිලිගැනිමක්
2024 දෙසැම්බර් මස 09 788 0

බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.


මිරිස්කුඩු දුමෙන් කට්ටඬියාගේ බලේ බිඳිලා
2024 දෙසැම්බර් මස 06 1275 1

අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක්


බදු ඔප්පු හුටපටයෙන් නිවැසියා අන්දමන්ද වෙලා
2024 දෙසැම්බර් මස 05 995 0

පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20988 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17060 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13377 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 37 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 110 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 62 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site