IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සැමියගේ ‘සෙට්වීමට’ කට්ට ගහන්න බිරිඳගෙන් ‘කටගැස්මක්’

කොරෝනා නීති කඩකරමින් තමන්ගේ නිවසේ සැමියාගේ මිතුරන් සෙට්වීම නතර කිරීමට ඔහුගේ භාර්යාව පල නොකියා පලා බෙදූ පුවතක් දකුණේ කොනේ ගමකින් වාර්තා වේ.


ආරක්ෂක අංශවල අවධානයට නතු නොවූ දකුණේ කොනේ ගම්මානයකි. ගමේ තුන් හතරදෙනෙකු සිය හිතවතකුගේ නිවසේ සෑමදාම පාහේ සෙට් වනුයේ  කොරෝනා ඇඳිරි නීතිය නිසා රැකියාවට යාමට නොහැකි වූ තනිකම මකා ගැනීමටත් එක්කය.


නිවෙස් හිමියාගේ භාර්‍යාව මෙයට තදින්ම විරුද්ධ වූවාය. එහෙත් එය සැමියාට පැවසීම හැර සිය නිවසට එන අයට ඒ පිළිබඳව තම විරෝධය පළ කිරීමට නොහැකිවූයේ සැමියා ගමේ සභාවට ඉදිරියේ දී ඡන්දය ඉල්ලීමට අපේක්ෂාවෙන් සිටි නිසාය. ඔවුන් තරහ කර ගැනීම නුවණට හුරු නොවේ. මේ කොරෝනා මර්දන නීති කඩන සිය සැමියාට ඇතුළු නඩය නිවසට රොක්වීම නතර කිරීමට ඇය දිවා රැයේ උපායක් කල්පනා කළාය. සැමියාට නොදැනෙන්නට ජාම් බේරා ගැනීමේ උප්පරවැට්ටියක් බිරිඳ ගේ කල්පනාවට එන්නේ මේ අතරවාරයේය.


 මේ අයට සෙට්වීමට කට ගැස්ම සෑමදාම සෑදීමට සිදුවූයේ ඇයටය. ඒ ඔස්සේ ඇය සිය උපාය ක්‍රියාත්මක කළාය. 


ඇය සෑදු කට ගැස්ම ගත් සැමියාට සහ පිරිසට  බඩ බුරුල් වීමට දැනුණේ ඇඟ ද අප්‍රාණික කරවමිනි. මෙය දින කිහිපයක්ම දිගට සිදුවූ නිසා මිතුරෝ ඔහුගේ නිවසේ සෙට්වීම මග හැරියෝය. ඔවුන් සිතුවේ මිතුරාගේ නිවසේ වතුරවල ප්‍රශ්නයක් නිසා මෙසේ වන්නට ඇතැයි කියාය.


නිවෙස් හිමියා සිතුවේ මිතුරන් සෙට්වීමට රැගෙන එන ගමේ බඩු නිසා තමන්ට මෙසේ සිදූවූ බවය. එහෙත් භාර්‍යාව තමන්ගේ උපාය ඉටුවීම පිළිබඳව සිය සැමියා දැනුම්වත් කළේ ඇයගේ බඩ විරේකයට ගෙනා බෙහෙත් බෝතලයේ ඉතිරි ටිකෙන්  තමන් ප්‍රයෝජනයක් ගත් බව  කියමින්ය.
 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

 



අදහස් (0)

සැමියගේ ‘සෙට්වීමට’ කට්ට ගහන්න බිරිඳගෙන් ‘කටගැස්මක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site