(අම්බලන්තොට - සනත් ගමගේ)
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොපැමිණ සිටි ධීවර පරීක්ෂකවරයා සම්බන්ධව ධීවර රාජ්‍ය ඇමැතිවරයා දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ධීවර පරීක්ෂකවරයා මේ අවස්ථාවේ මංගල පෝරුවේ සිටින බවයි.
ධීවර රාජ්‍ය අමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී බොහෝ රාජ්‍ය නිලධාරීන් කමිටු රැස්වීමට නොපැමිණි හෙයින් නිදහසට කරුණු විමසන ලෙසට ප්‍රාදේශීය ලේකම් වරයාට උපදෙස් දුන් අතර තම අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරියාත් නොපැමිණි බව දැනගත් ඇමැතිවරයා තරමක් උරණ වී දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් කතාකිරීමෙන් පසු අද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිධෑම ගැන වහාම නිදහසට කරුණු විමසන ලෙස දන්වා සිටියේය.
ඒ අවස්ථාවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ සර් එයා අද කසාද බඳිනවා. ඒ නිසා කමිටුවට ඇවිත් නැති බවයි.
රාජ්‍ය ඇමැතිවරයාද සිනාසෙමින් නිලධාරින් අමතා කියා සිටියේ ධීවර පරීක්ෂකවරයා අද කසාද බඳින නිසා කමිටුවට පැමිණ නැති බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.