IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සමුප ඡන්දය ඉල්ලූ අපේක්ෂකට තමන්ගේ මනාපෙත් දීගන්න බැරිවෙලා

සමුපකාරයට කාරක සභිකයෙක් ලෙස පත්වීමට ඡන්දයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයකුට තමන්ගේ අංකය ඇතුළත් නොවූ පත්‍රිකාවක් අතට පත්වීම නිසා තම ඡන්දයවත් තමන්ට නොලැබීමේ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.


ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රීඩා පුහුණුකරුවකු වූ මෙම තැනැත්තාට එක්තරා දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස වැඩ කළ මිතුරෙකු සමුපකාර නිලවරණයට ඉදිරිපත් වන්නට ආරාධනා කර ඇත.


තම කාර්යබහුලවත්වය නිසාම යම් අකමැත්තක් තිබුණත් කණ්ඩායමක් ලෙස එම නිලවරණයට ඉදිරිපත් වන නිසා මෙම පුද්ගලයාගේ වැඩි දායකත්වයක් ප්‍රචාරක ව්‍යාපාරයට අවශ්‍ය නොවන නිසා නම පමණක් ඉල්ලා නාමයෝජනා පත්‍රයට ද අත්සන් ද ගෙන ඇත.


මෙම ක්‍රීඩා පුහුණුකරු පසුව තමන්ගේ අංකය පිළිබඳව කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තම මිතුරාගෙන් විමසීමේ දී එය අපේක්‍ෂකයාට නොදෙන බවත් කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වන නිසා එක් පත්‍රිකාවක එම අංක සියල්ලම සටහන් කර ඡන්ද දායකයාට ලබාදෙන බවත් පවසා එම පුහුණුකරු පදිංචි ප්‍රදේශයේ දී පුහුණුකරුගේ නම පමණක් සඳහන් කර ඡන්ද දායකයන්ගෙන් ඡන්දය ඉල්ලා තිබේ.


ඡන්දය පැවැත්වුණු දිනයේ තම ඡන්දය භාවිතා කිරීමට ගොස් ඇති ක්‍රීඩා පුහුණුකරු ඡන්දය ද භාවිතා කර ඡන්ද මධ්‍යස්ථානය අසල රැඳී සිටිය දී එහි පැමිණි විරුද්ධ පක්‍ෂයට උදවු කළ මිතුරෙක් තම හිතවත්කම නිසා පුහුණුකරුට ද මනාපයක් ලබාදීමට අංකය විමසීමේ දී එය තමන්ව මෙම නිලවරණයට කැඳවාගෙන ආ කණ්ඩායම් නායක මිතුරාගෙන් විමසා ඡන්ද මධ්‍යස්ථානය අසල අලවා තිබූ දැන්වීමේ තමන්ගේ නම හා අංකය තිබුණත් ඡන්දය දීමට තමන් අතට පත්කළ ආදර්ශ ඡන්ද පත්‍රිකාවේ තම අංකය නොමැති බව දැක සොයා බැලීමේදී තමන්ගේ කීර්තිනාමය පමණක් භාවිතා කර සූක්‍ෂම ලෙස තමන්ගේ අංකය නොමැතිව වෙනත් අංක නමයක් ඇති ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් සකසා ඇති බව අවබෝධවීමෙන් තමන්ට තම ඡන්දය ද අහිමි වී ඇති බව හෙළි වීමෙන් ලොකු කළබලයක් ඇති වූ බවත් තමා අන්දවා මෙම තමන්ගේ නම භාවිතා කළ කණ්ඩායම් නායකයාගේ තරම අවබෝධ කර ගෙන එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා විය.

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)



අදහස් (0)

සමුප ඡන්දය ඉල්ලූ අපේක්ෂකට තමන්ගේ මනාපෙත් දීගන්න බැරිවෙලා

මැටිපහන Wednesday, 16 November 2016 12:55 PM

මේ ඡන්දෙනුත් සමුපකාර වීරයාගේ කණ්ඩායමද දිනලා තියෙන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site