(ගල්ගමුව නිහාල් ජයවීර)
මියගිය වල් අලියෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන් යනවිට සිරුර අතුරුදන්වී තිබිමේ සිද්ධියක් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි.

උස්ගලසියඹලාන්ගමුව ප්‍රදේශයේ වනයක මියගිය අලියෙකුගේ සිරුරක් ඇති බවට වනජීවි නිලධාරීන්ට ඉකුත්දා (16) සවස දුරකථන ඇමතුමක් ලැබී තිබේ. කිසියම් අවශ්‍යතාවකට තමා කැලයට යනවිට මේ අලියාගේ සිරුර දුටු බවත් සිරුර තිබෙන ස්ථානය පිළිබඳවත් ඇමතුම දුන් පුද්ගලයා වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබේ.
වහා ක්‍රියාත්ම වූ වනජීවි නිලධාරීහු වනයට ඇතුළු වී ඒ හෝඩුවන් ඔස්සේ මියගිය අලියාගේ සිරුර සොයමින් වනය පීරන්නට වූහ.
පැයක්- හමාරක් වෙහෙසවීමෙන් පසු අලියෙකු නිදා සිටි ස්ථානයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. “මේ මනුස්සයා දැකලා තියෙන්නේ මැරිච්ච අලියෙක් නෙමෙයි. නිදා ගෙන සිටි අලියෙක් නේ. සතා නැගිටලා යන්න ඇති අපරාදේ කැලේ රිංගුවේ” යි වනජීවි නිලධාරීන්ට කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන ජීවියෙන් යද්දී මියගිය අලියා අතුරුදන්