මාතරින් ගමන ආරම්භ කළ දුර ගමන් බස් රථයකි. එදින බස් වර්ජනය නිසා විශාල පිරිසක් බසයට නැග සිටි අතර බසයේ රාක්කයේ ද බඩු මලු තදබදව අසුරා තිබුණි. හදිසියේ විශාල බෑගයක් රැගෙන බසයට ගොඩ වූ තරුණයකු රාක්කයේ බඩු මලු අයිනේ තම බෑගයද එබුවේ කළබලයෙනි.
බසය සෑහෙන දුරක් ගියවිට වංගුවකදී එම බෑගය වාඩිවී සිටි මගියකුගේ හිස මතට කඩා වැටුනෙන් ඔහු කලබල විය. බෑගය පසෙකට ලූ ඔහු හිස අත ගානවිට තෙලට මිශ්‍ර වූ ලේ බිඳක් අතේ ගෑවිණ. ඔහු කෝපයට පත් විය. “කවුද මේක තිබ්බ බූරුවා” ඔහු කීය. බෑගය තැබූ තරුණයාද කට කාරයෙකි. “හුංඩුවක් වගේ මේ රාක්කෙ බඩු අහුරන්න පුළුවන්ද? මේක කොන්දොස්තරගෙ වරද?” ඔහු ද පැවැසීය. මේ හඬ ඇසුණු කොන්දොස්තර “රාක්කෙ හැදුවෙ මම නෙමෙයි. ඒක මණ්ඩලේ වැඩක්” කීවෙන් මේ කැකිල්ලේ තීන්දුවටට බසයේ වූවෝ සිනාසුනහ. හිස තුවාල වූ මගියාට ද සිනා ගියේය.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 18
366
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාක්කයේ තිබූ බෑගය ඔළුවට වැටුණු මගියාට ඩෝං ගිහින්