IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීයෙක් යකා නටලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වී වේළන මාගල මීයා කා විනාශ කළැයි නිවසේ වහලය මුදුණේ යට ලීයේ සිටින මීයා මැරීමට කොස්සක් රැගෙන පුටුවකට නැගීමට ගිය වයෝවෘද්ධ කාන්තාවක පුටුව පෙරළී වැටී ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.


මෙලෙස පුටුව පෙරළී වැටී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි සිව්දරු මවකි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


වයෝවෘද්ධ කාන්තාවගේ සැමියාට වී ලාස් හයක කුඹුරු ඉඩමක් ඇති අතර මෙම කුඹුර වගා කර ලබා ගන්නා වී ටිකෙන් ඊළඟ කන්නය දක්වා යැපෙන නිසා ඔවුන් කිසිම දවසක වෙළෙඳ පොළෙන් හාල් ගෙනාවේ නැත.
සෑම කන්නයකම කුඹුරු කරන නිසා නිවසේ කුඹුරු වැඩට ගන්නා බඩු භාණ්ඩවල අඩුවක්ද නැත. 


මෙම කාන්තාව මාවනැල්ල ප්‍රදේශයේ ඥාතිවරයෙකුගේ නිවසකට ගිය අවස්ථාවේදී රුපියල් 800 ක මුදලක් ගෙවා අසල්වැසි නිවෙසකින් වී වේළීමට තල කොළ වලින් වියන ලද මාගලක්ද ගෙනාවේය.


පසුගිය ගිය කාලේ අධික වර්ෂාපතනය නිසාම මාගල් එල්ලා තිබුණි.  දිනක් රාත්‍රි කාලයේ මීයෝ මාගල කපන ශබ්දය කාන්තාවට ඇසුණි. පසු දින පොඩි පුතා ලවා එල්ලා තිබුණු මාගල් තුන බිමට ගත්තේ මීයෝ වැඬේ දීලා ඇද්දැයි බැලීමටය. කීවාක් මෙන් මාගල මීයන් කා විනාශ කර දමා ඇති අයුරු කාන්තාවට දැකගන්නට ලැබුණි. ඇය සෑම පුරපසළොස්වක පෝයකටම විහාරස්ථානයේ සිල් සමාදන් වෙමින් දැහැමි දිවි පෙවතක් ගත කළද මීයන් මාගලට කළ විනාශය උහුලාගත නොහැකිවිය.


මුදුන් යටලීයේ සිට මීයෙක් තමන් දෙස බලා සිටින අයුරු කාන්තාව දුටුවේය. මාගල කෑවාට මීයාට හොද වැඩක් කරන්නෙමියි හිතා කාමරයක තිබු කොස්ස ගෙන මීයා මැරීමේ අදහසින් පුටුවකට නැගීමට සුදානම් වෙනවාත් සමඟම පුටුව සමඟ කාන්තාවද බිම වැටුණි.


පුටුව පෙරළුණු ශබ්දය ඇසී දුව ආ බාල ලේලිය අම්මා බිම සිටින අයුරු දැක නැගිට්ටවා බීමට තේ කොප්පයක්ද සාදා දී ඇත.

 



අදහස් (0)

මීයෙක් යකා නටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site