(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇය කළේ ‘පිරිමි’ වැඩය.
සහෝදරයින් සිව් දෙනාම විවිධ රැකියා සොයා ගමෙන් පිටවුවත් ඇය මව්පියන්ට සළකාගෙන ගෙදරම වී සිටියාය.
පසුගිය දා එක් සහෝදරයකු ආවේ නැගණියට සුදුසු මනාලයකු ද සිය වැඩ පොළෙන්ම සොයාගෙන ඔහුත් සමගය. නිවසේ සිටියේ රෝගී පියා සහ මව පමණකි. ඔහු මිදුලට බැස වට පිට බැලීය. එවිට දුටුවේ මිදුලට එහායින් වු කිතුල් ගසක සිට රැහැන් පට දිගේ බිමට බසින නංගීය.
යෝජිත මනාලයා ද ඒ දෙස බැලූවෙන් ඔහුට තරු පෙනුණි.
‘‘තාත්තා ලෙඩ වුණු නිසා ජොබ් එක මට බාර ගන්න වුණා’’. ඇය කීවේ කිසිදු ලජ්ජාවකින් නොවේ. තම යහලූ යෝජිත මනාලයාත් ඇය දෙස බැලූවේ දැඩි ලෙන්ගතු බවකිනි. ඒ ඇය එතරම්ම රූමත් නිසාලූ.
COMMENTS
බදිනවානම් මෙන්න නියම කාන්තාවෝ.
කොල්ලට බයවෙන්න කිසි දෙයක් නැහැ, පව්ල් බර කරට අරන් වැඩකරන්න පුලුවන් කෙල්ලෙක්.
අනේ ශෝකේ නේ....දැන් ඉන්න කොල්ලෙකුටවත් පොල් ගහකට නගාගන්න බෑ නේ
දිරිය කාන්තාවක් ..... ගම දකුන්නේ ....සුබ අනාගතයක් ස්තූතියි.....
මම බඳින වයසේදී මේ වගේ මනමාලියක් හිටියා නම්,.. අපේ වත්තේ කිතුල් ගස් ගොඩාක් තියෙනවා. මදින්න කෙනෙක් නැතුව.... රා බොන්න තිබුණා ඇති තරම්. දැන් ඉතින් මොනවා කරන්නද?
මේක එයාගේ වැරැද්ද මිනිස්සුනේ? මම ජනාධිපතිනම් මේ ළමය ගෙන්නලා රටටම පෙන්නනවා. මේක දුප්පත්කමේ වරද...
එකේ වරදක් නැහැනේ .....
දෙදෙනාගේ විවාහයට මම සුභපතනවා.