(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මව රාත්‍රී කෑමට පුළුස්සා තබා තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක පිඟන් රාක්කයේ තැබූ තරුණයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.

මොහු 24 හැවිරිදි තරුණයෙකි. මව්පියන් හා බාල සහෝදරයා සමග නිවසේ පදිංචිව සිටියි. පියා විදේශ රටක රැකියාවක් කරන අතර බාල සහෝදරයා සිසුවෙකි.
මෙම තරුණයා කලක සිට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති අතර සෑම දිනකම සවසට මොනයම් හෝ මත් ද්‍රව්‍යයක් පානය කර නිවසට පැමිණෙන තරුණයා උයා පිහා තිබෙන යමක් කා නිදා ගැනීම පුරුද්දක් කරගෙන තිබුණි. එදා ද මෙම තරුණයා සවස නිවසින් පිටව ගොස් මත්ද්‍රව්‍ය පානය කර නිවසට පැමිණ ඇත්තේ රාත්‍රී 11 ට පමණය. එදින රාත්‍රී මව කෑමට රොටී සහ පොළොස් වෑංජනයක් සාදා ඔහු පැමිණෙන තුරු මඟ බලා සිට ඇත. දරුවා පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව නින්දට ගොස් තිබුණි.
රාත්‍රී 11 ට පමණ අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර නිවසට පැමිණ ඇති තරුණයා කුස්සියට ගොස් එහි තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක් රොටිය සෝදා පිඟන් රාක්කයෙන් තබා නින්දට ගොස් ඇත. පාන්දර 4 ට පමණ අවදි වූ මව කුස්සියට ගොස් බලද්දී ලොකු රොටිය පිඟන් රාක්කයේ දෙකට නැමී ඇති අයුරු දක්නට ලැබී ඇත.
COMMENTS
පව් අහිංසක අම්මලා... හිතේ කොච්චර ගින්දරක් දරාගෙන ඉන්නවා ඇති ද? ... බොන එක නවත්තල පිරිමියෙක් වෙයල්ලා....
මේ රටේ දේශපාලුවෝ නූගත් තරුණ පරපුරට බත් පැකට් එකයි කසිප්පු කවරයයි දුන්නම ඕනෑම වැඩක් කරගන්න පුළුවන් කියලා දන්නවා. එනිසා මේ දිනවල මැතිවරණ පෝස්ටර් ගැසීමටත්, බැනර් ඇදීමට හා ගෙවල්වලට පත්‍රිකා බෙදීමට මොවුන් යොදාගන්නවා. අනුමානයක් නැහැ මොහුත් එවැනි අයෙක් වෙන්න පුළුවන්.මේවාට දේශපාලුවන් වගකිව යුතුයි
හිස් ජිවිත
අපි පොඩි කාලෙත් ඔය කතාව අහලා තියනවා.