”අනේ මම අත්සන් කරන්න කලිනුත් කෝල් එකක් ගත්තානේ. බලන්නකෝ ඔයාගේ මල් එක අස්සේ.....”

තම අත්බනනය (ජංගම දුරකථනය) තැබූ තැන සොයා ගත නොහැකිවූ මනාලයා සෝ සුසුම් හෙළමින් එසේ කියද්දී මනාලිය පුරුද්දට වගේ තම දෑත් දෙසද බැලූවාය. ටිකක් ඉන්න අපි රිං කරලා  බලමු.... මොහොතකින් තවත් ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා ගත්තේය.

අනේ රිංග්ස් යනවා උස්සන්නේ නෑ.

තම අහිමිවූ දුරකථනය ගැන ශෝකයෙන් මනලයා මංගල රියට ගොඩවූයේය. අපරාදේ. යාලූවෝ විෂ් කරන්නත් බලාගෙන ඉන්න ඇති. අතර මගදී ද ඔහු සිතුවේය.

රැය උදාවිය

උදේ පටන් තිබූ කලබලකාරීත්වයෙන් මිදුණායැයි සිතමින් දෙදෙනාම තමා වෙනුවෙන් සූදානම් කළ නවාතැනට පිවිසුනහ.

හැඳපැළඳ ගෙන සිටි ඇඳුම් ආයිත්තම් වලින් මිදී විවේකය උපරිමයෙන් ගෙවීමට සැහැල්ලූ ඇඳුමෙන් සැරසුණු මනාලියට එක්වරම තවත් කවුරුන් හෝ තරුණියකගේ කටහඬ සිය කාමරයෙන් ඇසෙන්නට විය.

එය හිනා හඬක් පමණි.

මදක් තිගැස්සුණු ඇය වහා සිය සැමියාට කතා කළාය. ඒ වන විටත් බැල්කනියේ මධු බඳුනක් අතේ තබා සිටි ඔහුද වහා එතැනට පැමිණියේය. මොකද? අනේ කවුද හිනාවෙනවා වගේ ඇහුණා... මට බයයි. සිය බිරිය කියූ දෙයින් ඔහුට මද සිනාවක් නැගුණි. ඔයාට විකාර.. නිකං වෙන්න ඇති. උදේ ඉඳන් උත්සවයේ හිටිය හින්ද ඒවා ඇහෙන්න ඇති. සැමියා එසේ කියා ගතවූයේ මොහොතකි. නැවතත් මොහොතකින් හිනා හඬ කාමරයේ මුල්ලකින් ඇසුණේය.

සැමියාගේ දෑස් සතුටින් ඉපිල ගියේය. අනේ... මේ කොහේ හරි තියෙනවා... හොයන්න... හොයන්න.... සැමියා එසේ කියමින් සිය මංගල රාත‍්‍රිය වෙනුවෙන් කාමරයට රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂාවට එළියට ඇද්දේය. එක්වරම සුදුපිරුවටය අතරින් ජංගම දුරකථනය බිමට වැටුනේය.

මංගල අෂ්ඨක අතරතුර මනාලයාගේ අතින් මනාලිය ඉණවට ඔතන පිරුවටයද සමග යමකුට දීමෙන් ඔහු විසින් දැන හෝ නොදැන ජංගම දුරකථනයත් ගමන් මල්ලට කිසිවකු විසින් ඔබා තිබුණි.