(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඇයගේ මව්පියෝ රජයේ සේවකයන් වුවත් වත් පොහොසත් නොවූහ. දේපළ ණයක් ලබාගෙන මහ ගෙදර ඉඩමේ කෙළවරක නව නිවසක් ඉදිකළත් තවම එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර නැත. මව්පිය දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ දුවටත් පුතාටත් උසස් අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ තැනක සිටිනු දැකීමය.

එහෙත් දුවට විශ්වවිද්‍යාලයට යාමට ප්‍රමාණවත් ලකුණු ගැනීමට නොහැකි විය.මේ ගැන ඇයද සිටියේ කනස්සල්ලෙනි. දුව කනසල්ලෙන් සිටිනු දුටු මව නිතරම ඇය සනසාලීමට නොයෙක් දේවල් කීවාය. තමන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටි දෙමව්පියන්ගේ අනාගතය ගැන කල්පනා කළ ඇය අවසානයේ ගමේ අනෙකුත් තරුණියන් මෙන් ඇඟලුම් කම්හලේ ජුකී මැෂිමක් ඉදිරිපිට වාඩිවූවාය.
දැන් ඇයගේ සිතට තරමක සැහැල්ලුවක් දැනේ. විවාහ වීමට කලවයසත් හරි බව අම්මාත් තාත්තාත් ඇයට නිතරම පවසති. ඇය ටිකෙන් ටික කනකර බඩුද ගෘහ භාණ්ඩද සූදානම්කර ගත් අතර කපුවෙකුද නිතර නිතර ගෙදරට එන්නට වූයේය. අවසානයේ එක් යෝජනාවකට සියලු දෙනාගේම කැමැත්ත ලැබුණි.
දෙපාර්ශ්වයේම එකඟතාව මත මංගල උත්සවය පැවැත්විණ. උත්සවයෙන් පසුව නෑදෑයන්ගේ නිවෙස්වලට යාම සිරිතක් වූ බැවින් ඇය ඒ සඳහා සැමියාට කතා කළාය.
“ගෙලිඔය මාමලගේ ගෙදර යන්න ඕන. පොල්ගම්පොල පුංචිලාගේ ගෙදර යන්න ඕන. හප්පාවත පොඩි සීයලගෙ ගෙදර යන්න ඕන. අපි මේ සෙනසුරාදා ගෙලිඔය මාමලගේ ගෙදර යමු” ඇය යෝජනා කළාය.
“හරි හරි අපි ලබන සෙනසුරාදා යමු. මේ සෙනසුරාදා ඔෆිස් එකේ වැඩක් තියෙනවා“ යෝජනාව ක්‍රියාත්මක කිරීම සැමියා කල් තැබුවේය.
එහෙත් ඒ සෙනසුරාදා ඇයගේ විවාහ ජීවිතයේ තිරණාත්මක දිනයක් විය. ඇයගේ මාමාගෙන් එදින දැන ගැනීමට ලැබුණේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ආරංචියකි. මාමා සේවය කළේ කාමර කුලියට දෙන හෝටලයකය. තමාගේ සැමියා වෙනත් කාන්තාවක සමග හෝටලයේ කාමරයකට රිංගූ බව මාමා කීවේය. මාමා වැඩ කරන්නේ එම හෝටලයේ බව ඔහු දැන සිටියේ නැත.
සතියක විවාහය එතැනින් නිම කරමින් ඇය ආපසු ගෙදර ආවේ සැමියාගේ නිවසේ කාටත් හොර රහසේය. ඇයගේ නිවසේ සියලු_ දෙනාගේම එකඟතාව මත පසුදින පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් විය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1012
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මඟුලෙන් පස්සේ සැමියා හොර ගෑනිත් එක්ක හෝටලේ