පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම බස්රථයෙනි. මෙම බස් රථයට ”බඩගාමී” යනුවෙන් නමක්ද පටබැඳී ඇත. සමහර දවස්වල දී කළුතරට ළඟා වනවිට පෙරවරු අටහමාරත් පසුවෙයි. ප‍්‍රදේශවාසීන්ට බසයේ ගමන් ලතාව හුරුවී ඇති බැවින් ගැටුමක් පැන නොනගී. දිනක් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අමුත්තෙක් බසයට ගොඩවිය. ඔහු විටින් විට ඔරලෝසුව දෙසත් රියදුරු දෙසත් නොසතුටු බැල්මක් හෙලමින් ගමන්ගනී. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ ගාටනවා මට කොළඹ යන්න වෙන්නෙ හෙට. ඔහු අවට සිටි අයටත් ඇසෙන්න කීවේය. මිනිහ නම් ඩ‍්‍රයිවර් එක්ක කොක්කක් දාගන්නව....... අසල සිටි පිරිසක් තොල් මැතිරුවා පමණි. අයිසෙ මේක කළුතර යන්නෙ අදද හෙටද ටිකක් පාගල යන්” අමුත්තා රියදුරාට කීවේය. ”මහත්තයො මේක වතුරෙන් දුවන්නෑ ටයර් දාන්න ඕනෑ පඩි දෙන්න ඕනෑ රේස් ගියාම කෝ ආදායමක්. බලන්නකො සීට් ගානටවත් කට්ටිය නෑ රියදුරා කීවේය. කෙසේ හෝ කළුතරට එනතුරුම ආගන්තුක මගියා රියදුරුට බැණ වැදුනේය. රියදුරා ගොලූවත රකිමින් බසය ධාවනය කරයි. කළුතරට පැමිණි විගස පළමුවෙන් බැස්සේ අමුත්තාය. බැස්ස ගමන් ඔහු රියදුරු අසුන ළඟට ගියේය. ” ඕයි ඩ‍්‍රයිටර්” කීවේය. රියදුරු ජනේලෙන් පිටතට හිස දැමීය. ඒත් සමගම අමුත්තා කී දෙයකින් කිපුණු රියදුරු බසයේ හදිසි දොරටුවෙන් පැන මගියාගේ බොටුවෙන් අල්ලා ගත්තේය. ඒත් සමග සෙසු පිරිස බැස පහර දීම වැලැක්වූහ. රියදුරු යළි බසට නංවාගෙන අමුත්තා පිටත් කළහ. ”බස් එකේ බැණ බැණ එද්දී තමන්ට නෙවෙයි වගේ හිටිය. හෙමින් කියපුදේට ඇයි ඔහොම තද වුනේ මොකක්ද මිනිහා කීවේ? කොන්දොස්තර තරුණයා ඇසුවේය. බැණ්නට මට නැග්ගෙ නෑ. මගේ කනට ළංවෙලා කීවේ තොගෙ අප්පා ඉබ්බෙක්ද? කියලා. ඒකට මට කේන්ති ගියා. රියදුරු පැවසුවේය.
තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක්
කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා ව
අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්
එක එක්කෙනාට එක එක විනෝදාංශ තිබේ. ඒ ඒ විනෝදාංශය ඒ ඒ අයගේ රුචිකත්වය අනුව සිදුවේ. මේ අයගේ මේ විනෝදාංශයනම් අපි කවර කලෙකවත් නෑසුවෙමු. මේ ඒ අපූරු විනෝදාංශය පිළ
ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය.
සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගියාගේ ඉබි කතාවට බස් රියැදුරාට යකා නැගලා
සුභා Wednesday, 10 October 2012 05:10 PM
අයියෝ ඉබ්බා
කුෂාන් Thursday, 11 October 2012 05:31 AM
මොනවා උනත් රියදුරන්ට බනින්න බෑ. මොකද හවසට ගාන දුන්නේ නැත්නම් රියදුරාට තමයි උත්තර බදින්න වෙන්නේ..මම ඩ්‍රයිවර් වුණානම් දත් දෙකක් ගලවනවා (ස)
විමල් Wednesday, 10 October 2012 11:56 AM
රාජා හරි.කෙටි ගමන් සේවාවල රියදුරන්ගේ තාත්තලා ඉබ්බෝ.දුර ගමන් සේවාවල රියදුරන්ගේ තාත්තලා අශ්වයෝ.(ස)
නාමල් Friday, 12 October 2012 09:41 PM
නියම කතාව
නෙවිල් Friday, 12 October 2012 09:41 PM
නොනැග තියෙයිද
නෙවිල් Friday, 12 October 2012 09:34 PM
බෝඩ් එකක් සවිකළා නම් හරි, "හිමින් කොට කොටා යන බසයකි. ගමනාන්තය කීයටදැයි කිව නොහැක" කියලා. (නි)
චතුරංග Thursday, 11 October 2012 10:15 PM
රියදුරාගේ තාත්තා චීටා වුණත් වැඩක් නැහැ. කොච්චර පෑගුවත් බස් එක හයියෙන් අදින්නෙ නැත්නම්. (නි)
සිල්ව් Wednesday, 10 October 2012 12:26 PM
ඕනෑම බස් එකක් බඩ ගානවා තමයි
චින්තක Saturday, 13 October 2012 12:38 PM
අයියෝ සල්ලි
මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 11 October 2012 08:15 AM
දෙයියෝ සාක්කි කියන එක වෙනස් කරන්න, කළුතර සිට නොව අලුත්ගම සිටත් කොළඹටම පැය 2න් යන්න පුළුවන්. අලුත්ගම හෝ මතුගම ඉඳලා හෙමින් ආවත් පැයකින් එන්න පුළුවන්.මේක කියපු කෙනා ගොකරල්ල් ඉඳල කළුතරට ඇවිල්ල ඇති.(ස)
තිලක් Thursday, 11 October 2012 10:40 PM
ලංගම ගොඩදැම්මොත් පින්. (නි)
සිදත් Wednesday, 10 October 2012 12:44 PM
ඔය ඕන පැත්තේ උණු සිද්දියක්ද
නිරාන් Wednesday, 10 October 2012 06:40 PM
නියම බොරුවක්ද කොහේද? (නි)
කරුණා Friday, 12 October 2012 10:11 PM
රංග, කොළඔ ඉදල කලුතරට ඔබ ගිහින් නැහැ වගේ. පැය දෙකකට වඩා සමහර දිනවලදි ගතවෙනවා. (නි)
කරුණා Friday, 12 October 2012 10:13 PM
හෙමින් හයියෙන් කතාවක් නෙමේ. ප්‍රසස්ථ වේගයක්. ඒ කියන්නේ ගමනට සාධරන වේගයක් (ස)
උමා Thursday, 11 October 2012 09:21 AM
එතකොට බස් එක යන්නේම නැතුව මඟ හිටියොත් තාත්තා ජීවතුන් අතර නෑ කියන එකද ?(ස)
නදී Thursday, 11 October 2012 05:37 PM
හිමින් ගියත් බැණුම්. හයියෙන් ගියත් බැණුම්. හැටට හැටේ පාගලා යන්න තිබුණේ ඇගේ ලේ වතුර වෙන්න. (නි)
බමුණුසිංහ Thursday, 11 October 2012 09:24 AM
මොකද දන්නේ නැහැ සියලුම බස් ඉබ්බන් වගේ යන්නේ? (නි)
රෝහණ Friday, 12 October 2012 12:03 PM
මෙහෙමත් වැඩක්
ආනන්ද Wednesday, 10 October 2012 02:01 PM
බස්වල විතරක් නෙවෙයි යුරෝපා ඇඳුම් ඇඳ ටයි කෝට් දමා යුරෝපා වාහන එලවන අයට සුනඛ ජාන ඇති මහත්තුරුත් ඉන්නවා (ස)
නිසල් Saturday, 13 October 2012 12:27 AM
150,175 ත් ඔහොමමයි. (නි)
ලලිත් - කටාර් Wednesday, 10 October 2012 08:11 PM
පුදුම ඉබ්බෙක්නේ. (නි)
යොහාන් Wednesday, 10 October 2012 02:29 PM
මාර්ග අංක 275 බෝපිටිය - කොළඹ බසුත් මේ වගේ (ස)
රංග Wednesday, 10 October 2012 02:41 PM
ඕක බොරැ කථාවක් පැය දෙකක් ගෙවලා කළුතරට එන මාර්ග කළුතර නැහැ කළුතරට නගරයට ලඟා වන ගමනාන්තවල උපරිම කාලය පැය 01 යි(ස)
රංග කළුතර Wednesday, 10 October 2012 02:47 PM
ඕක බොරු කතාවක් පැය දෙකක් ගෙවලා කළුතරට එන මාර්ග කළුතර නැහැ. කළුතරට නගරයට ලගාවන ගමනාන්ත වල උපරිම කාලය පැය 01 යි (ස)
නේත්‍රා Wednesday, 10 October 2012 02:53 PM
අපේ පැත්තෙත් තියනවා මෙහෙම බඩගාමී බස්, සැතැපුම් 5 ක් යන්න පැයක් ගන්නවා, හැබැයි මේ රියදුරු මහතාට නම් කොච්චර බැන්නත් තරහා යන්නේ නහැ. මම හිතන්නේ රියදුරු මහත්තයාගේ ජාන ඉබ්බෙක්ගේ නෙවේ, ගල් ඉබ්බෙක්ගේ (ස)
ප්‍රසන්න රත්නායක Wednesday, 10 October 2012 03:19 PM
පුද්ගලික බස් වල වැඩ කරන්නෙම ඉබි පරපුරේ අය තමා (ස)
සරත් Wednesday, 10 October 2012 09:51 AM
කතාව ඇත්ත උනක් ටිකක් සැර වැඩියි වගේ නේද....?
රන්දික රත්නායක Thursday, 11 October 2012 01:23 PM
පැන්නනම් ගෙම්බෙක් වෙන්න ඕන..!(නු)
සමන් Wednesday, 10 October 2012 10:08 AM
කළුතර විතරක් නෙමෙයි ලංකාව පුරාම පුද්ගලික බස් ඔහොම තමයි . දුර දිග කල්පනා නොකර ලංගම විකුණලා පුද්ගලික සමාගම් වලට දුන්නොත් සමහරුන්ගේ මිණි වලලවල් වලටත් හෙණ ගහවි .(ස)
කෝලිත Wednesday, 10 October 2012 10:09 AM
කතාව ඇත්ත වාහන දුවන්නේ වතුරෙන් නම් නොවෙයි (දී)
ෆින්ටෝ Thursday, 11 October 2012 01:34 PM
ගම්පහ කඩුවෙල බසුත් මේ වගේ තමයි... හෙමින් යන්නේ අංසභාගෙ හැදුන අය තමයි.. එයාලගේ පය පෑගෙන්නේ නැහැ හයියෙන් යන්න..!(නු)
වරුණ Wednesday, 10 October 2012 10:17 AM
154,104 මාර්ගයේ බසුත් ඒ වගේ ? මහත්තයගේ කතාවට මසුරන් දාන්න ඕනි .(ස)
පහන් Wednesday, 10 October 2012 04:10 PM
ඒ මහත්තයාගේ තාත්තගේ නම මොකද්ද ?(ස)
ජනක Wednesday, 10 October 2012 10:44 AM
මේකත් බොරු කතාවක් වගේ .(ස)
සනුල් Wednesday, 10 October 2012 10:58 AM
රියදුරාට මොකක්ද තියෙන අයිතිය ඒ මනුස්සයගෙ බොටුවෙන් අල්ලන්න. මේවට අපේ බස් සංගම් සභාපති මොකද දන්නෙ නැ කියන්නෙ. මගියටත් තිබුණේ අනිත් පැත්ත හැරිල දෙකක් දෙන්න. බසයේ සිටි අනිත් මගින්ටත් තිබුණේ මගියගෙ පැත්ත අරන් රියදුරට හොද පාඩමක් උගන්වන්න. කොහද අපේ මිනිස්සුන්ගෙ කිසි සමහියක් නැනෙ...................(ස)
ශාන්ති Wednesday, 10 October 2012 04:26 PM
කොන්දොස්තරලා ඔහොම තමයි
රාජා Wednesday, 10 October 2012 10:59 AM
හුගක් බස් රියදුරන්ගේ තාත්තල ඉබ්බෝ, අනෙක් අයගෙ තාත්තල අශ්වයෝ.මිනිස් තාත්තල ඇතිඅය බොහොම ටිකයි..(ස)
සුමන Wednesday, 10 October 2012 11:05 AM
කාලයකට පසු හොඳ කතාවක් .(ස)
ඩිලාන් Thursday, 11 October 2012 02:30 PM
මගීන්ට තිබුණේ එයාට හොඳට නෙලන්න (ස)
චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:46 AM
අපිටනම් ගැලපෙන බස් සේවය (ස)
මාලන් Wednesday, 10 October 2012 11:48 AM
නියමයි (ස)
හසිත් Wednesday, 10 October 2012 11:49 AM
බස් එක පිටත්වෙච්ච තැන දැම්මේ නැති එක තමයි අඩුව (ස)
මනම්පේරි Friday, 12 October 2012 09:41 AM
ලංකාවේ ගොඩක් බස් ඩ්‍රයිවර්ලා ඔහොම තමයි (ස)