IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ජංගම දුරකතනය කනේ තබා ගෙන කතා බහ කරමින් ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේ වරදට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ දී රුපියල් පනස් පන් දහසක් වටිනා නවීන ජංගම දුරකතන දෙකම කඩා දමා හානි සිදු කර ගත් ත්‍රීරෝද රථ රියැදුරෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර නගරයෙන් වාර්තා විය.


වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.


දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරුට දුරකතන ඇමතුම ලබා දී තිබුණේ සිය බිරිය විසිනි. රිය පදවමින් ඔහු ඊට ප්‍රතිචාර දක්වද්දී  මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පොලිසියෙන් නතර කළේය.


ඒ සමගම කේන්තියට පත් රියදුරා ඇමතුම විසන්ධි නොකර ජංගම දුරකතනය තම කකුල මත තබා අත් දෙකෙන් එය දෙකට කඩා කුඩු කර තිබුණේය.


මේ අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු අනෙක් ජංගම දුරකතනය ද නාද විය. එය ද බිරියගෙනි. එවිට කේන්තිය තවත් වැඩි විය. ඒ අතරතුර දී පොලීසිය දඩ පත්‍රිකාව ලියමින් සිටියේය.


දුරකතනය ද පෙර පරිදිම ඔහු කඩා බිද දැමුවේය.


රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු දෙස නොරොක් බැල්මක් හෙළා මෙසේ ඇසූහ.


“අපිත් එක්ක කේන්තියට ද ජංගම දුරකතන කඩා දැමුවේ ? “නෑ සර් ගමනක් යද්දී කොච්චර එපා කිව්වත් කිහිප වතාවක්ම කෝල් කරනවා. කලිනුත් කෝල් දුන්නම, සැරින් සැරේ ගන්න එපා කීවා. ඒත් අහන්නේ නෑ’’ ඔහු උත්තර දුන්නේය.


“බිරිය සමග අමනාපයක් තියේ දැයි” ඇසූ පොලිසිය ඇසුවේ කිසියම් අනුකම්පා සහගත අයුරෙනි.


“අපෝ නෑ. එහෙම එකක් නෑ” ඔහු පිළිතුරු දුන්නේ දඩ කොළය අතට ගනිමිනි.


“සර් මේ දඩය කීය ද ? ඔහු ඇසූ විට පොලිසිය එය දහසක් බව පැවසීය.


“අපරාදේ සර් මගේ රුපියල් පනස් පන්දහසක් වටිනා ජංගම දුරකතන දෙක කියමින් ත්‍රීරෝද රථ රියැදුරු එම ස්ථානයෙන් නික්ම ගොස් තිබුණේය.



අදහස් (0)

බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site