අලූත පීදුණු පොල් ගසේ කුරුමිණි හානිය වැළැක්වීමට සැමියකු විසින් සිදුකැරුණ ”කෙම” නිසා බිරියට දින දෙකක් නිවාඩු යාමට සිදුවූ කතාවක් පොල් ති‍්‍රකෝණයට යාබද ප‍්‍රදේශයකින් ඇසුණි. ගමේ අක්කර ගණනාවක් විකුණා නගරයෙන් පර්චස් ගණනක් මිලදී ගෙන ජීවත්වන ඔවුහු ඇති හැකි සෑම අඟලකම ගෙවත්ත වගා කළහ. කෙසෙල්, පැපොල්, අල, බතල වර්ග පමණක් නොව ඉඩ අති තැන්වල පොල් ගස් කිහිපයක්ද සිටැවූහ. දකින්නන්ගේ ඇස් පි‍්‍රය උපදවන තරමට සියල්ල සරුය. අනෙක් පළදාව මෙන්ම පොල් පැළද පීදෙන කාලය ළං විය. නමුත් ඇස් වහ, කට වහ වැදුණාක් මෙන් ඊට කුරුමිණි හානියක ලකුණු පහළ වී ඇති සැටි ඔවුහු දුටුහ. ඕකට හරියට හරි අහවල් වැඬේ කරන්න පැරණි කෘෂිකාර්මික දැනුම ඇත්තෙක් ඒ සඳහා කෙමක් කිවේය. ඔවුහු එය ඉහලින් පිළිගත්හ. සැමියා නිවාඩු දිනයක උදෑසන අවදි විය. කතා නොකරම අතට ගුලිකරගත් යමක්ද සමග ඉනිමගක් ආධාරයෙන් පොල් ගසට නැග්ගේය. ”කෙම” අකුරට ඉටු කළේය. ඉරුදිනය ගෙවී ගොස් සඳුදා උදා විය. බිරිය උදෑසන රැුකියාවට යාමට සුදානමින් යමක් සොයනු ඔහුට පෙණුනි. මොකක්ද හොයන්නේ? ඔහු බිරියගෙන් ඇසුවේ වෙනදාට වඩා අත්‍යවශ්‍ය දෙයක් සොයන බව දැනුනු නිසාය. මගේ ”හවරිය” නෑනේ. මේ බෑග් එකේ තිබුණේ. හරි වැඬේ ඒක නැතිව කොණ්ඬේ පිරා තියාගන්නත් බෑ. එහෙම තියාගෙන වැඩට යන්නත් මොකක්ද වගේ. බිරිය කියූ දෙයින් ඔහුට කර කියා ගත හැකි දෙයක් නොවීය. කුරුමිණි හානිය වැළැක්වීමට පොල් ගසේ ගොබය තුළට කතා නොකර කෙස් ගුලි කීපයක් සිරකරන ලෙසට ලැබුණු ”කෙම්” උපදේශය උදෙසා ඔහු භාවිතා කොට තිබු දේ බිරියගේ හවරියේ කොටස්ය. කෙම උදෙසා ගැසු හවරියේ කොටස් එසේ තිබියදීම දින දෙකකින් පසුව නගරය පුරා කරක් ගසා බර ගාණක් ගෙවා හවරියක් මිලදී ගැනීමට ඇයට සිදුවිය. හවරිය තවමත් පොල් කරටියේය. ඒ ගසේ නැතත් වෙනත් ගස්වල කුරුමිණියෝය. අනේ ඔහේගේ කෙම යනුවෙන් බිරිය සැමියා සරදමට ලක්කරන අවස්ථා නැත්තේද නොවේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුනේ...
පුල්ලි ගොනා ගෙට පැනලා කඹෙත් කඩාගෙන... ගෙදර උන්දැ කොන්ඩේ බදින හවරිය කාලා..
වෙච්ච දේට මක් කරන්නද?
අනේ ඉතිo වෙච්ච දේට මක් කරන්නද?
ඇත්තටම මාර වැඩේ
හොද වෙලාවට හවරිය වුණේ...
හරි වැඩේ
අපරාදේ දවස් දෙකක සල්ලි