IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කොට පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම්කොට මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපන ශාලාවක දුම්වැටි අලෙවි කරන පුද්ගලයෙකු ළඟ තිබූ රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.


එම සොරකම සිදු වෙන ආකාරය සහ මුදල් රැගෙන යන පුද්ගලයා පිළිබඳව ආපනශාලාවේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී ඇත. එම ආපන ශාලාවේ ඉදිරියේ පිහිටි  ලෑල්ලක් මත තිබූ මුදල රැගෙන කලිසමේ සාක්කුවේ දමාගන්නා ආකාරයත් සටහන්ව තිබී ඇත. ඒ අනුව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඉතා සූක්ෂම ලෙස මෙම මුදල් සොරාගෙන යන පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහුගේ නිවස පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඒ වෙත යවා  තිබිණි.


 ඒ  අවස්ථාව වන විට පැය හතරක කාලයක් ගතවී තිබුණි.   නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී 1,30,000ක මුදලින් රුපියල් 40,000ක මුදලක් වියදම් කොට තමන්ගේ මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත්වූ බවට සැකකරු ප්‍රකාශකොට තිබේ. ඉතිරි මුදල් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පැමිණිලිකරු පොලිසියට ගෙන්වා  එම සල්ලි සහ පුද්ගලයා පිළිබඳව තොරතුරු විමසීමේ දී මුදල් සොරාගත් පුද්ගලයා පැමිණිලිකරුට කියා ඇත්තේ තවත් අයෙකුට ආශාවක් හිතෙන සහ හොරකම් කිරීමට හැකිවන පරිදි මුදල් නොතබන්නට වගබලාගත යුතු බවය. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (0)

පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site