(වියලුව වාර්තාකරු)
රජයට අයත් පොදු වෙළෙඳසලකින් හාල් පරිප්පු ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගැනීම් සඳහා පෝලිමේ නොසිට ඉක්මනින් නිවෙසට යෑම සඳහා උප්පරවැට්ටියක් යෙදූ කාන්තාවකට රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියැවෙන පුවතකි.
ඇය, කොහේ ගියත් කුමක් හෝ සටකපටකමක් සිදුකර තම කාර්යය ඉක්මනින් ඉටුකර ගන්නට නම් දැරූ තැනැත්තියකි.
පසුගිය දිනක ඇය නිවෙසට අවශ්‍ය භාණ්ඩ ටිකක් මිලදී ගන්නට රජයට අයත් වෙළෙඳසලකට යාමට නිවෙසින් පිටවූයේ එහි භාණ්ඩ මිල තරමක් අඩු බව දන්නා නිසාවෙනි.
එහෙත් ඇයගේ මුහුණ බෙරිවී ගියේ වෙළෙඳසලේ එදින තිබූ දිගු පෝලිම් දකිද්දීය.
සෑහෙන වේලාවක් පෝලිමේ රැඳී සිටි ඇගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ තමන්ට ඉදිරියෙන් තවත් විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටිනු දකිද්දීය. කෙසේ හෝ භාණ්ඩ ටික රැගෙන ඉක්මනින්ම නිවෙසට යෑමට ඉටාගත් ඇය සුපුරුදු පරිදි සිය ගණ දෙවි නුවණ මෙහෙය වූයේ ‘‘අම්මා මට කලන්තේ වගේ’’ යැයි පවසමින් අසල වූ බිත්තියකට හේත්තු වෙමිනි.
ඇගේ හැටි දන්නා පෝලිමේ සිටි බොහෝ දෙනකු ඇගේ උප්පරවැට්ටියට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවද ඇයට හොඳ වැඩක් කළ යුතුයැයි යෝජනා කළ වෙළෙඳසලේ සේවකයන් ඇය බලහත්කාරයෙන්ම වත්තම් කරගෙන ගොස් ත්‍රිරෝද රථයක නංවා ඇය නගරයේ රෝහල වෙත පිටත්කර හැරියේ ‘‘අක්කාට මොනව හරි වුණොත් වග කියන්න ඕනෑ අපිනේ’’ යැයි ඇයට පවසමිනි.
කිසිදු රෝගී තත්ත්වයක් නොවූවද අවසානයේ දී ත්‍රිරෝද රථයට ද අමතර මුදලක් ගෙවා රෝහලේ ද පැය කීපයක් ගත කර භාණ්ඩ රැගෙන ඇය නිවෙසට යනවිට රෑ වීමටද ආසන්නව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝලිමෙන් පනින්න ගිය කත අමුතුම ගැටේකට අහුවෙලා