පෙම්වතියට සීගිරිය ගැන වැරැදි අර්ථකතනයක් දුන් පෙම්වතකුට පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට සිදුවූ අවස්ථාවක් සීගිරි කැටපත් පවුර ආසන්නයේදී දැක ගැනීමට හැකි විය. අවුරුදු 18-17 ක වයසේ පෙම් යුවළක් කැටපත් පවුරට පහළින් පිහිටි පඩිපෙළක වාඩි වී සිටි අතර තවත් බොහෝ පිරිසක් ඒ අසල සිරි නරඹමින් සිටියහ. පෙම්වතාගේ අතේ එල්ලී සිටි පෙම්වතිය සීගිරි ගලේ කැටපත් පවුරට දකුණු පසින් පිහිටි සීගිරි මාලිගාවේ ආරක්‍ෂක කුටි ලෙස සැලකෙන කුඩා කාමරවලට දැමූ අත්තිවාරම් පෙන්වා ඒ කුමක්දැයි විමසුවාය. ඒ අසල සිටි බොහෝ දෙනෙක් එම දෙබසට කන් දී සිටියහ. මඳක් ඉස්සී පහළ බැලූ පෙම්වතා ‘‘කාශ්‍යප රජතුමාගේ මාළු ටැංකි තිබුණු ස්ථානය මෙය බව” කීවේය. පෙම්වතිය එය පිළිගැනීමට හිස සොලවනවාත් සමග ඒ අසල සිටි අයෙක් ඉදිරියට ආවේය. මේ... දරුවෝ... ඔය ළමයි නොදන්නා දෙයක් තියෙනවානම් දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. ඔය ළමයි පාසලේදීවත් ඉගෙන ගෙන තියෙනවද මේ මාලිගාවේ නටබුන් අතර කාශ්‍යප රජතුමාගේ මාළු ටැංකි තිබුණා කියලා.’’ ඉතිහාසයට බොරු අර්ථකථන දීම හරි වැරැදියි. අනෙක් දේවල්වලට වගේම රටේ ඉතිහාසය ගැනත් අවබෝධයක් ලබාගත යුතුයි. අසල සිටි සැවොම එය අනුමත කළහ. මෙම දෙදෙනාට කරුණු පැහැදිලි කළ තැනැත්තා සීගිරිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කර සීගිරි ගලෙන් පහළට බැස ගියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙම්වතා පෙම්වතියට සීගිරියේදී කාශ්‍යප රජුගේ මාළු ටැංකිය පෙන්වලා
රචිත්‍ර ලක්ෂාන් Saturday, 03 March 2012 05:31 PM
රටේ ඉතිහාසය පිළිබඳව නිසි අවධානයක් නැති ඒකේ විපත තමයි ඔය
අජිත් Monday, 05 March 2012 08:49 AM
රටේ ඉතිහාසය පිළිබඳව නිසි අවධානයක් නැති ඒකේ විපත
Bandayya Tuesday, 06 March 2012 11:09 AM
පොඩි විහිළුක් කරන්න ඇති. ගනන්ගන්න එපා. මිනිහගේ කෙල්ලනේ.