IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නැවුම් එළකිරි ගව පට්ටියේදී කසිප්පු වෙලා

(වියලු‍ව වාර්තාකරු)
කොරෝනා කාලසීමාවේ ඇඳිරි නීතිය පවතිද්දී රහසිගතව පෙරාගත් කසිප්පු වඩියක් තම ගෙවත්තේ ගව පට්ටියේ  තබාගෙන ‘නැවුම් එලකිරි’ යයි පවසමින් තම ගැණුම්කරුවන්ට අලෙවි කළ  පුද්ගලයකු පිළිබඳ පුවතකි.


 සිද්ධිය මෙසේය.


 ඔහු සිය බිරියගේද උදව් උපකාර ලබමින් කසිප්පු පෙරීම ජීවිකාව කරගත් පුද්ගලයෙකි. එම රැකියාවට අමතරව  කිරි එළදෙනුන් කිහිපදෙනෙකු ද ඇති දැඩි කළේ සිය වියපැහැදම් පියවා ගැනීමට කසිප්පු අලෙවිය පමණක් ප්‍රමාණවත් නොවීම නිසාය.


කොරෝනා  අවදානමත් සමගම ආරක්ෂක  අංශවල අවධානය ඊට යොමු වීම වාසියට ගත් ඔහු, තම නිවසට    යාබද රක්ෂිතයේ තබාගෙන කසිප්පු වඩි කීපයක් සකස් කරගෙන එහිදීම ඒවා රහසිගතව අලෙවිකරන්නට පුරුදුවී සිටියේය.


දිනෙන් දින එහි පැමි​ෙණන ගැනුම්කරුවන් පිරිස ඉහළ යාමත් සමගම එය ව්‍යාපාරයේ රහස්‍යභාවයට බාධාවක් බව සිතූ හෙතෙම ඒවා අලෙවි කෙරුවේ බිරිඳගේ ද සහයෝගය ඇතිවය. අපූරු උපායක් යොදා ගත්තේය. 


පෙරනු ලැබූ කසිප්පු වඩිය  රාත්‍රි කාලයේදීම තම ගවපට්ටිය අසලට රැගෙන එන ඔහු නැවුම් කිරි මිලදී ගන්නට එන පිරිසට නැවුම් එළ කිරි බෝතලයක් බැගිනුත් ඒ අතර සිටින කසිප්පු ගැනුම්කරුවන්ට කසිප්පු බෝතලය බැගිනුත් අලෙවිකරන්නට වූවේ එළ කිරි අලෙවි කිරීමේ මුවාවෙනි.


   දින කීපයක් ගතවෙද්දී මෙම අපූරු කිරි වර්ගය (කසිප්පු) මිලදී ගන්නට අසල්වැසි ගම්වලින් ද පිරිස් පැමිණෙන්නට වීම නිසා තම උපාය ආරක්ෂක අංශවල කන වැටෙතැයි සිතූ ඔහු  අවසන් කසිප්පු වඩිය අලෙවි කිරීමෙන් පසුව එම උපාය අතහැර දැම්මේ   කසිප්පු අලෙවිය සඳහා වෙනත් උපායක් තිබේදැයි සිය බිරියගෙන් විමසමිනි.

 



අදහස් (1)

නැවුම් එළකිරි ගව පට්ටියේදී කසිප්පු වෙලා

Pradeep Thursday, 18 June 2020 12:00 PM

මොනවා වුනත් දුර දක්නා නුවණක් ඇති සහ කූට, බුද්ධියක් සහිත පුද්ගලයෙකු බව පේනවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site