IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


නොම්මර හුටපටේට මොකද යකෝ මට ගැහුවේ පහර කෑ හෙල්මටයටත් වන්දි ඉල්ලලා

(දූනගහ බටේපොල විජයසිරි)
තරුණයකුට හෙල්මටයකින් පහරදී එය කැඩුණා යයි පහර කෑ තරුණයාගෙන් අලාභය ඉල්ලීමේ පුවතක් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය.


ක ු ඩ ග ම් ම න ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන තරුණියකගෙන් වෙනත් තරුණයකු දුරකතන අංකය ඉල්ලා තිබේ. ඇය දුරකතන අංකය ඉල්ලු පුද්ගලයාට අංකය නොදී තම පෙම්වතාට මේ බව පවසා ඇත. පෙම්වතා පසුදින එම ඇඟළුම් කම්හල අසලට ගොස් දුරකථන අංකය ඉල්ලූ අයගෙන් ඒ ගැන විමසා ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු තරුණියගේ පෙම්වතා සමග ගැටුමක් ඇති කරගෙන ඇත.


දෙදෙනා අතර වචන හුවමාරුව දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකට පරිවර්තනය වී දුරකතන අංකය ඉල්ලා සිටි තරුණයා තරුණියගේ පෙම්වතාට හෙල්මටයෙන් එය කැඩෙන තුරුම පහර දී ඇත.


අවසානයේ හෙල්මටයෙන් ගැසූ පුද්ගලයා කැඩුණු හෙල්මටයද රැගෙන පොලිසියට ගොස් පැමිණිලි කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගෙන් හෙල්මටයේ අලාබය ඉල්ලා දෙන ලෙසය.


පහර කෑ පුද්ගලයා දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුව දිවුලපිටිය පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

නොම්මර හුටපටේට මොකද යකෝ මට ගැහුවේ පහර කෑ හෙල්මටයටත් වන්දි ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 175 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1035 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site