(කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ)
දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට පාසලෙන් ලිපිය ලැබෙන තුරු උප්පැන්නය සාදා ගැනීමට අමතක වූ මවක් ගැන ගම්මානයකින් ආරංචි විය.
ඇයට සිය දරුවා වෙනුවෙන් 2015 වසර සඳහා පෙනී සිටිය යුතු 1 ශ්‍රේණියේ සම්මුඛ පරීක්‍ෂණයට රැගෙන ආ යුතු බවට දන්වා තිබූ ලිපිලේඛන අතර උප්පැන්න සහතිකය ද විය. ඇය අල්මාරියේත්, ලිපි ගොනුවලත් උප්පැන්නය සෙවූ මුත් නොලැබුණි.
එහි දී ඇයට දරුවා උපන් වේලාව, බර ආදී තොරතුරු සඳහන් රෝහලෙන් නිකුත් කළ සටහන් පැතිකඩ පැරැුණි ලිපි ගොනුවක තිබී හමු විය. දරුවාගේ උප්පැන්නය නොසෑදු බව ඇයට මතක් වී ඇත්තේ එවිටය.
නැගණියක සමග වහා වහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සියලූ විස්තර නොසඟවා කියා සිටියාය. එහි රෙජිස්ට‍්‍රාර් අංශයේ කාරුණික නිලධාරිනියක් එදින දහවල් 12.00න් පසුව උප්පැන්න සහතිකය ලබා දීමට පොරොන්දු වී තිබේ. ඒ නිසා ඇය වහා වහා සම්මුඛ පරීෂණය පැවැති පාසලට පැමිණි අතර ඇය පැය දෙකකට වැඩි කාලයක් ප‍්‍රමාදවී පැමිධෑමත් උප්පැන්න සහතිකය ඉදිරිපත් නොකිරීමත් ගැන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ප‍්‍රශ්න කරන්නට විය. එහි දී සත්‍ය හෙළිදරව් වී ඇත.
”සර්, උප්පැන්නේ අද දොළහෙන් පස්සේ දෙන්නම් කිව්වා.” ”එතකොට දරුවාට උප්පැන්නය හදන්න ගියේ අද ද?” ඇය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ ගොළු වත රකිමින් නිහඬව සිටියාය.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවා උපන් බව මවට මතක්වුණේ පාසලට දාන්න ගිය දවසේ
කලීල් Saturday, 10 January 2015 09:14 AM
වැරදීමක් වෙලා ඇති (නි)
සංජු Sunday, 11 January 2015 05:47 AM
අහිංසක මිනිස්සු මේ වාගේ දේවල් මෙහෙම දාන්න එපා.(හේ)
ශාන් සෞදි Sunday, 11 January 2015 06:20 AM
දරුවා හදා ගත්තේ කාට කියලද කියල මතකද දන්නේ නැ (බ)