තානායමේ රාජකාරි සඳහා මෑතක පැමිණි සහකාර කළමනාකරුට දිනක් මහ ? ඔහුගේ නිවසින් දුරකථන ඇමතුමක් ලැබුණි. සිය බිරිඳ ඔහුට කතා කොට කියා සිටියේ කුඩා පුතුට අසනීපයි හැකි ඉක්මනින් ගෙදර එන්න කියායි. කළමනාකරු හමුවී හදිසියේම නිවාඩුවක් අනුමත කර ගත් හෙතෙම නිවස බලා යාමට ලක ලෑස්ති විය. එහෙත් මේ අවේලාවේ බස් රථයක් නම් පාරේ නොඑන බව ඔහු හොඳින්ම දනී. යායුතු දුරද කිලෝමීටර් 6කට වැඩිය. ‘‘සර් ..... හදිසියක් නම් ත්රී විල් එකක් වත් අරන් ගියොත් නරකද? සහකාර කළමනාකරු වෙත පැමිණි ආරක්ෂක නිලධාරියා විමසීය. ඒත්..... මේ මහ ? ත්රීරෝද රථයක් සොයා ගැනීමත් අසීරු නොවේ දැයි සහකර කළමනාකරු පිිළිතුරු දුන්නේය. ‘‘ඒක නම් හැබැවයි සර් අපේ හෝටලේ වැඩ කරන ළමයකුගේ ත්රී වීල් එකක් තියෙනවා. මං කථා කරලා බල්න්නං.’’ ආරක්ෂක නිලධාරියා එම වගකීමත් හිස මතට ගනිමින් කීවේය. සහකාර කළමනාකරුගේ වෙලාව හොඳය. ගාස්තුවක් පවා නැතිව ඉන්ධන වියදම පමණක් ලබාගෙන ගමන යාම සඳහා හෝටල් සේවකයා ඉදිරිපත් වුයේ තම ආයතන ප්රධානියෙකුට උදව්වක් කිරීමට ලැබුණු අවස්ථාව සළකාගෙන විය හැකිය. සර්ව බස්සලා තනියෙන් එන හින්දා මම තව යාලූවෙකුත් දා ගත්තා. ත්රීරෝද රථය පණ ගන්වන ගමන් හෝටල් සේවකයා කීය. ‘‘අනේ කොච්චර දෙයක්ද අවුල් වූ මනසින් යුතුව නමුදු මුවගට සිනහවක් නගා ගනිමින් සහකාර කළමනාකරු කිවේය. දැන් තිදෙනාම ගමන පිටත්වී මද දුරක් ගිය විට ත්රීරෝද රථයේ කාර්මික දෝෂයක් හට ගැනුණි. වාහනය නතරවිය. සර් ගියර් වැටෙන්නෙනැතුව ගියා’’ රියදුරා පැවසීය. මඳක් ඒ පිළිබඳව පිරික්සා බලා අපි ගියර් එකේ දාලා තල්ලූවක් දාලා බලමු’’ උත්සාහය හරි ගියේය. එක පිම්මේම ත්රීරෝද රථය පණ ගැන්වී ඉදිරියට ඇදුනේය. සුපුරුදු ගමනේ යෙදී පැයකටත් වැඩි කාලයක් ගත විය. දැන් සර් මේ පාරෙන් ගිහිල්ලා කොයි පැත්තටද හැරෙන්න තියෙන්නේ. අතුරු පාරකත් ගොඩක් දුර යන්න තියෙනවා කියලා කිව්වා නේද? එහෙත් පිළිතුරක් නැගුවේ නැත. රියදුරා පිටුපස හැරී බැලූවේය. පිටුපස අසුනේ දෙදෙනකු වෙනුවට සිටියේ එක් අයෙකු පමණි. ඒ තනියට කැඳවා ගෙන පැමිණි මිතුරාය. ඔහුටද නින්ද ගොස් තිබුණි. සහකාර කළමනාකරු එහි නොමැති බව දැන ගත්තේ එවිටය. කාරණය වැටහුණේ පසුව සොයා බලද්දීය. තී්රරෝද රථය කාර්මික දෝෂයක් ඇතිවී තල්ලූ කර පණ ගන්වා ගනිද්දී මහත්තයාට තී්රරෝද රථයට නැඟ ගන්නට බැරිවී තිබේ. ඒ වන විට කිලෝ මීටර් 30ක් පමණ ගෙවා අවසන්ය. මහත්තයා නිවසට දුරකථන ඇමතුමක්දී වෙනත් වාහනයක් ගෙන්වා ගෙන ගෙදර ගොස් තිබූ බව පසුව දැන ගන්නට ලැබිණි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.