IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ණය මුදල ගනිද්දී බල්ලා අත සපා කාලා

තම මිතුරකු අතමාරුවට ඉල්ලා  ගත් ණය මුදලක් ආපසු ලබාගනු පිණිස ඔහුගේ නිවෙසට ගොස් මුදල ලබා ගැනීමට අත දිගු කරද්දී මිතුරාගේ නිවසේ ඇති කරන බල්ලෙකු පැමිණ මුදල්ද සමග මිතුරාගේ අත සපා කෑ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ඔවුහු ගජ මිතුරෝය. පසුගිය දිනෙක හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වී එක් මිතුරකු එය පිරිමසා ගත්තේ අනෙක් මිතුරාගෙන් එම මුදල අතමාරුවට ඉල්ලා ගනිමිනි. දින කීපයකට පසුවත් අතමාරුවට ගත් මුදල නොලැබුණු නිසා මුදල් දුන් මිතුරා අනෙක් මිතුරා සොයාගෙන ගියේ එම මුදල් ඉල්ලා ගැනීමේ අටියෙනි.

විවේකයක් නොලද නිසා මුදල ගෙනවිත් දීම අතපසු වූ බව පැවැසූ මිතුරා නිවෙස තුළට ගොස් එම මුදල ගෙනවිත් තම මිතුරා අත තැබුවේ ඔහුට බොහෝ සේ ස්තුති කරමිනි.

කෙසේ වෙතත් මිතුරාගෙන් මුදල් අතට ගන්නවාත් සමග අතට පැන්නේ දැවැන්ත කලූ බල්ලෙකි.

මුදල් ගොන්නත් සමග මිතුරාගේ අත සපා කෑ බල්ලා යළිත් මහ හඬින් බුරන්නට වූයේ මිතුරා තව තවත් භීතියට පත් කරමිනි.

”අපේ බල්ලා කැමැති නෑ ගෙදර කිසිම දෙයක් පිට අයට දෙනවට” ඒකයි ඔය හැපුවේ යැයි මිතුරාගේ බිරිඳ ඇඟටපතට නොදැනී පැවසුවේ බල්ලා පිළිබඳ වර්ණනාවක්ද කරමිනි.

කෙසේ වෙතත් මිතුරාට මුදල් ණයට දුන් ඔහුට දැන් දින කීපයකට වරක් රෝහලට ගොස් පිස්සු බලූ රෝගය වැළක්වීමට දෙන එන්නත් ලබාගන්නට සිදුව ඇත.



අදහස් (0)

ණය මුදල ගනිද්දී බල්ලා අත සපා කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site