(තලාතුඔය ටී.එච්. සරත්)
මේ දිනවල දිවයිනේ සෑම තැනකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. මදුරුවන් බෝවිය හැකි පරිසර නිර්මාණය කරණු ලබන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා උසාවි මගින් දඩ ද නියම කරනු ලැබේ.
ඉකුත් දා කඳුරට ගමක ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන බවත් නිවෙස් පරීක්‍ෂාව සඳහා නිලධාරීන් දොරින් දොරට පැමිණෙන බවත් කල්තියා දැනුම් දී තිබිණි.
මෙකී ගමෙහි එක්තරා පුද්ගලයෙක් ඔහුගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින රූමත් තරුණ ළඳකට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘නංගී හෙට ඩෙංගු බලන්න එනවා - අහුවුණොත් දඩම තමා. උසාවි යන්න වෙනවා’’ යනුවෙනි.
එවිට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘අයියා අපේ ගෙදර නම් වතුර පල් වෙන තැන් නෑ...., මදුරුවොත් නෑ.....’’ යනුවෙනි.
එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඔහු ‘‘නෑ නංගී, මදුරු කීටයෝ හැම තැනම ඉන්නවා. ප‍්‍රිජ් එකේ බලන්න, ඒකෙ අනිවාර්යෙන් බලනවා.’’
එහෙත් ශීතකරණයේ වතුර රඳවන ස්ථානය නොදත් ඇය ‘‘අයියම බලන්න කෝ... මම ඕවා දන්නේ නෑයි... කියා තිබේ.
ශීතකරණයේ වූ වතුර රඳවනය පරීක්‍ෂා කළත් එහි වතුර බිඳු කීපයක් හැරුණු විට වෙනත් යමක් නොවීය.
අනතුරුව නිවෙස ආසන්නයේ වූ වැසිකිළිය වෙත ගිය මෙකී පුද්ගලයා ඒ තුළට එබිකම් කොට ‘‘නංගී මදුරුවෝ පිරිලා බඩු තමයි, දඩම තමයි’’ හඬ නගා කියා ඇත.
ඇය වැසිකිළියේ දොරකඩ අසළට දිව එත්ම ‘‘නංගී එන්න ඩෙංගු මදුරුවා පෙන්වන්න’’ කියා අතින් ඇද වැසිකිළියේ දොර වසාගන්නට තැත්කර තිබේ.
සිද්ධිය ගම පුරා සැලවීමත් සමග ගමේ උදවිය මෙකී පුද්ගලයා දුටුවිට ඩෙංගු මදුරුවා බලමුදැයි දැන් විමසන්නේලූ.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙංගු කීටයන් පෙන්වන්න ගිහින් ලෝක ලෙඩක් දාගෙන