(තිහගොඩ - උපසේන ලියනගම)
මේ දිනවල ඇගයීමට ලක් කෙරෙන උසස් පෙළ පිළිතුරු පත් අතර බෞද්ධ සංස්කෘතිය පිළිතුරු පත‍්‍රයක සෑම පිළිතුරක් අවසානයේම මිනී පෙට්ටියක් සහ මල් වඩම් දෙකක් ඇඳ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි.
ප‍්‍රධාන පෙළේ විද්‍යාලයක වූ මෙම මධ්‍යස්ථානයේ පිළිතුරු පත‍්‍රයක වූ මෙම චිත‍්‍රය දැකීමෙන් මවිතයට පත් පරීක්ෂකවරයා එය ප‍්‍රධාන පරීක්ෂකට යොමු කළ විට ජීවිතයේ අනියත භාවය සිහි කිරීමට මෙය අඳින්නට ඇති බවත් මෙය චිත‍්‍ර විෂය නොවන හෙයින් ඊට ලකුණු දීමේ අවශ්‍යතාවක් නැති බවත් පවසා තිබේ.
පිළිතුරු පත‍්‍රවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා ඉන් එහාට මේ ගැන සාකච්ඡුා නොකළ බව ද වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.