IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජංගම සේවයට ගෙනා මේසය කුඹුරකින් ගේකට

 දකුණු පළාතේ එක්තරා රජයේ කාර්යාලයක ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මුල්පුටුවක ඉඳගැනීමට නිලධාරීන් හතර පස් දෙනෙක් මාන බලමින් සිටිනවාලු. මේ දිනවල එම කාර්යාලයේ කම්කරුවන්ගේ රාජකාරි පවා එම නිලධාරීන් ස්වේච්චාවෙන්ම පැන පැන කරනවාලු.

ඔය අතරේ මව් කාර්යාලයේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ පන්සලකදී ජනතා ගැටලු විසඳීමට ජංගම සේවයක් පැවැත්වීමට සූදානම් වෙමින් තිබුණාලු. ජංගම සේවයට අවශ්‍ය පහසුකම් සූදානම් කිරීමට ආයතන ප්‍රධානියාද යෝජිත ස්ථානයේ සිට අවශ්‍ය උපදෙස් දෙමින් සිටියේය.

“තව මේස ටිකක් ඕනෑ වෙනවා. අපි.... කාර්යාලයෙන් මේස කිහිපයක් ගෙනඑමු” උසස්වීමට අපේක්ෂාවෙන් සිටි ක්ෂේත්‍ර නිලධාරීහු දෙදෙනෙක් ඒ කටයුත්ත භාරගත්හ. මව් කාර්යාලයේ තිබූ කාර්යාල මේස 28ක් ඔවුන් වාහනයකට පටවාගෙන ජංගම සේවා භූමියට ඇවිත් ගණන් කළවිට තිබුණේ මේස 27යිලු. එක් මේසයක් මගදී වාහනයෙන් වැටෙන්නට ඇතැයි සිතු නිලධාරීහු දෙදෙනා වාහනයෙන් ආපසු යමින් මග තොට හමුවන අයගෙන් මේසය පිළිබඳ තොරතුරු විමසූහ.

මාර්ගය අසළ කුඹුරක මේසයක් තිබී කිසියම් අයෙකු එය නිවෙසට ගෙනගිය බව ඔවුන්ට දැනගන්නට ලැබිණි. එම නිවසට ගිය නිලධාරින්ට මේසය දීමට අකමැත්ත දැක්වූ ගැමියා මේසය අහිමිවීමෙන් දෙදෙනාගේම රැකියාව අනතුරේ බව පවසා බැගෑපත් වූ පසු එය ඔවුන්ට දුන්නේය. වැඩි ලකුණු ලබාගැනීමට දඟලා ලකුණු කපාගත් එම නිලධාරීන් දෙදෙනා ජංගම සේවය අවසන් වනතුරු දැකගන්නටවත් සිටියේ නැතිලු.

(ඌරගස්මංහන්දිය බී. ජී. අමරසිංහ)



අදහස් (0)

ජංගම සේවයට ගෙනා මේසය කුඹුරකින් ගේකට

විජිත Sunday, 25 December 2016 03:34 AM

ඇති ඔයින් ගියා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site