(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදල් චෙක් පත සුරතල් බලු පැටියා ඉරුවා යයි උරණවී ඌට අපූරු දඬුවමක් ලබාදුන් අපූරු අයෙක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ.
රුපියල් හතළිස් පන්දහසකට බලු පැටියෙක් මේ නිවැසියන් ගෙන ආවේ සුරතලයට ඇති කිරීමටය. මේ බලු පැටියාට කඩදාසි පෙන්නන්නම බැරිය. කඩදාසි කොළයක් දුටුවිට ඌ එය කීතු කීතු වනසේ කටින් හා දෙපාවල නියපොතුවලින් ඉරා දැමීමට ගනුයේ තත්පර කිහිපයකි.
මෙවන් පසු බිමක තමන්ගේ නමට තැපෑලෙන් ආ වටිනා මුදල් චෙක් පතක් ඔහු පුටු සැටිය මත තබා වැසිකිළියට ගොස් එනවිට සුරතල් බලු පැටියා චෙක් පත කීතු කීතු වෙන්න ඉරා හමාරය. චෙක් පතේ වටිනා කමත් ඒ අවස්ථාවේදී තිබූ මුදල් අවශ්‍යතාවත් නිසාම ඔහුට බලු පැටියා සමග ආවේ පුදුම කේන්තියකි.
මේ වගේ නොහොඹිනා බලු වැඩ ආයෙමත් නොකරන්න බලු පැටියාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ යයි කියමින් ඔහු ගියේ මුළුතැන්ගෙටය. එහි ගිය ඔහු ගිනි පෙනෙල්ලක් රැගෙන ආවේය. චෙක් පත ඉරා දැමූ තැනට බලු පැටියා ගෙන ගිය ඔහු උගේ කට ගිනි පෙනෙල්ලෙන් පිච්චුවේ ආයෙමත් මේ වගේ වැඩ කළොත් බලා ගෙනයි කියමිනි.
කට පිච්චීමෙන් ඇතිවූ වේදනාවෙන් බලු පැටියාගේ මර හඩ මැද්දේ එතනට පැමිණි භාර්යාව විනාශවූ චෙක් පතේ කෑලි පෙන්වා අදාළ ආයතනයෙන් අලුතින් චෙක් පතක් ලියවා ගත හැකි බව ඔහුට පසක් කළේ බලු පැටියාට පාඩමක් උගන්වන්න කලින් සිය සැමියාට මේ කළ වැඩේට පාඩමක් ඉගැන්විය යුතු යයි කියමිනි.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෙචක්පත ඉරුවාට උරණ වී බලුපැටියාගේ කට ගිනි පෙනෙල්ලෙන් පුච්චලා