IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගමට නිව්ස් බෙදන්න ගිහින් තොප්පියක් දාගෙන

(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)
ගමේ කඩ පිලෙන් දිනපතා පුවත්පත බලා නවතම පුවත් ගම පුරා පතුරුවන ගමේ ගොවි මහතාට මෙදින ඇස් කණ්ණාඩිය අමතකව ඒම නිසා මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


සුපුරුදු ලෙස මෙදිනද මැදිවියේ ගොවි මහතා කඩ මණ්ඩියට ගියේ මෙදින පුවත්පතේ ඇති නවතම තොරතුරු දැන ගැනීමටය. කඩයට ගිය ගොවි මහතා කඩිමුඩියේ පත්තර පිටුවක් අතට ගත් සැණින් ඔහුගේ නෙත ගැටුණේ බස් රථයක රෝද උඩු අතට තිබෙන ආකාරයයි. එහෙත් අකුරු කියවා ගැනීමට නොහැකි වූයේ ඔහුට ඇස් කණ්ණාඩිය අමතකව ඒම හේතුවෙනි.


‘අප්පොච්චියේ බස් එකකුත් පෙරළිලා තියෙන්නේ. කී දෙනෙක් මැරිලා ද දන්නෑ. මට මේ කණ්ණාඩිය ගේන්න බැරි වුණා නේ. ‘අනේ පුතේ මේක කියවපංකෝ’ කියා ගොවි මහතා කඩයට පැමිණි තරුණයකුට මහත් සංවේගයෙන් කියා සිටියේය. පුවත්පත අතට ගත් තරුණයාට කාරණය වැටහිණි. ඔහුට සිනා පහළ විය.


‘මාමා මේක වෙළෙඳ දැන්වීමක බස් එකක්. මාමා පත්තරේ බලලා තියෙන්නෙ උඩයට මාරු කරගෙන. අනික් පැත්තටනේ.’


තරුණයාගේ එම පිළිතුරින් මහත් ලැජ්ජාවට පත්වූ ගොවි මහතා වහා කඩයෙන් එළියට බැස කඩිමුඩියේම යන්නට ගියේය. එහෙත් මෙම සිදුවීම ගම පුරාම පැතිර ගියේය. 


කොල්ලන් කුරුට්ටන් පවා ගොවි මහතා දකින විට ‘හා... බස් එකකුත් පෙරළිලා තියෙන්නේ’ යනුවෙන් උසුලු විසුලු කරන්නට වූයෙන් ගොවි මහතාට සිදුවූයේ මහත් අකරතැබ්බයකි.


ඉන්පසු ගොවි මහතා පුවත්පත් බැලීමට කඩ මණ්ඩියට යෑම හෝ ගම පුරා නවතම පුවත් මැවීම ද නොකළ නමුදු ගමේ කොල්ලන් කුරුට්ටන්ට සුද්ද සිංහලෙන් ඇමතීමට ගොවි මහතාට නිරන්තර සිදු වූයේලු.



අදහස් (0)

ගමට නිව්ස් බෙදන්න ගිහින් තොප්පියක් දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site