IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාන්න දුන් බේත කාලා ජංජාලයක්

කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
“ගා” “කා” පටළවා ගත් රෝගී කතක් ගෑමට ඇති බෙහෙතක් අනුභවකර පැමිණි පුවතක් මහනුවරට තදාසන්න ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය.


සිද්ධිය සැකෙවින් මෙසේය.


මැදිවිය ඉක්ම වූ ඇයට නිරන්තරයෙන් ඇතිවන දනහිස් ඉදිමුව හේතුවෙන් එක් එක් වෛද්‍ය ක්‍රම මෙන්ම එක් එක් වෛද්‍යවරුන් ළඟට ද ප්‍රතිකාර සඳහා ගියේ තම රෝගී තත්ත්වය නිට්ටාවට සුවපත් කරගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙනි.


මේ අතර ඇගේ මිතුරියකගෙන් ලැබුණු තොරතුරකට අනුව අදාළ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණි ඇයට එය සුවකර දීමට හැකිබව එම වෛද්‍ය මධ්‍යස්ථාන භාර වෛද්‍යවරයා පැවසීම නිසා ඇගේ සිතට නැගුණේ අපමණ වූ ප්‍රීති ප්‍රමෝදයකි.


ඒ අනුව ඇයගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා කිසියම් බෙහෙතක් ඇය වෙත දී දින තුනක් එය පාවිච්චි කළයුතු පිළිවෙත සඳහන් තුණ්ඩුවක් ද ඇය වෙත ලබා දී පිටත් කර හැරියේ නැවත දින තුනකින් පැමිණෙන ලෙසට ලබාදුන් උපදෙස් ද සහිතවය.


ඒ අනුව දින තුනකින් නැවත පැමිණි රෝගී කාන්තාවගෙන් අදාළ රෝගී තත්ත්වය විමසූ විට ඇය පවසා ඇත්තේ බේත තිත්ත වූවත් ලෙඬේ සුවකර ගැනීමට අවශ්‍ය නිසා බෙහෙත අමාරුවෙන් කෑ බවයි.

 



අදහස් (0)

ගාන්න දුන් බේත කාලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site