IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමර මල්ලවආරච්චි)

මාස හතරකට පෙර නිවසින් පලා ගිය තිදරු මව වෙනත් පුරුෂයකු සමග බස්නැවතුම්පොළක සිටින අයුරු නව හැවිරිදි දියණිය දැකීමෙන් පසු ඇතිවූ ගැටුමක් හේතුවෙන් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පසුගිය 25 වැනිදා සිකුරාදා රාත්‍රියේ මහත් කලබැගෑනියක් ඇතිවිය.

අලව්ව ප්‍රදේශයේ දිවි ගෙවූ දරු පවුලකි. මේ පවුලට දරු තිදෙනෙකි. වැඩිමහල් දරුවා පාසලේ හතරවැනි පන්තියේය. නොයෙකුත් අගහිඟකම් තිබුණත් දරු තිදෙනාත් බිරියත් සතුටු කරන්නට මේ පියා නොකළ දෙයක් නැත. මාස හතරකට පමණ පෙරදී බිරිය හදිසියේම අතුරුදන් වූවාය. කෙතෙක් සොයා බැලුවත් තොරතුරක් දැන ගන්නට ලැබුණේ නැත. මේ පවුලේ ඥාතිවරියකගේ විදේශ ගමනක් පසුගිය සිකුරාදා පස්වරුවට නියමිත තිබිණි.

ඒ නිසා කුලියට ගත් වෑන් රියකින් ඥාති පිරිස විදේශගත වන ඥාතිවරිය සමග කටුනායක බලා ගියහ. පෙර කී පවුලේ වැඩිමහල් දියණිය ද මේ ගමනට එක්කර ගත්තේ ගුවන්තොට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසෙන නිසාය. ආපසු එමින් සිටියදී කුඩගම්මන පන්සල අසලදී මේ දියණිය එක්වරම අන්න අම්මා ඉන්නවායි කෑ ගැසුවාය. ඥාති පිරිස වාහනය නවතා බස්නැවතුම්පළ දෙසට එද්දී දැරියගේ මව ඇය සමග සිටි පුරුෂයකුගේ අතින් අල්ලාගෙන දුවන්නට වූවාය. වැඩිහිටි පිරිමි වහා ක්‍රියාත්මක වී පලා යන යුවළ අල්ලා ගත්තේ පොඩි සංග්‍රහයක් ද කරමිනි. මේ ගැටුම නිසා ප්‍රදේශයේ ජනතාවටද ඇතිවූයේ මහත් කුතුහලයකි.

දරු තිදෙනා හා සැමියා අතහැර පලා ගිය ඇය වෙනත් පුරුෂයකු සමග කුඩගම්මන ප්‍රදේශයේ කුලී නිවසක කල් ගත කර ඇති බව හෙළිවූයේ ඊට පසුවය. කුලී නිවස ආසන්නයේ අය ඔවුන් ඇසුරු කර තිබුණේ අලුත බැඳපු යුවළක් යන අදහසිනි. සිද්ධිය දිවුලපිටිය පොලිසියට සැලවීමෙන් පසු දෙපිරිසම කැඳවාගෙන ගියේ සාමය කඩවීමෙන් වළක්වා ගැනීම සඳහාය.



අදහස් (1)

ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා

Nimal jayasinghe Wednesday, 30 January 2019 01:42 AM

රාගය ඉස්මතු වෙලා. අන්තිමට දුකම තමයි..

:       12       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 292 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 414 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site