(ගල්ගමුව – ඇන්.ජේ. පතිරාජ)
නයයි - මුගටියයි මෙන් දිගු කලක් විරසකව සිටි පවුල් දෙකක් සමගි කිරීමට කොරෝනා වයිරසයට හැකි වීමේ පුවතක් ගිරිබාව ප්‍රදේශයේ ගම්මානයකින් දැන ගැනීමට ලැබෙයි.

ඔවුහු එකම ගමේ පදිංචි පාරම්පරික ඥාතීහු වෙති. එහෙත් පවුල් දෙක දේශපාලන පක්ෂ දෙකකය. පවුල්වල ගෘහ මූලිකයෝ ඒ දේශපාලන පක්ෂ දෙකේ ප්‍රබල ආධාරකරුවෝයි. යම් යම් කාලවල තම තමන් ආධාර කරන පක්ෂය බලයට පත්වූ විට එකිනෙකාට නින්දා, පරිභව, සමච්චල පමණක් නොව ගහ බැණ ගැනීම්ද සිදු කර ගත්හ. පොදුවේ ලැබෙන වරප්‍රසාද පමණක් නොව අයිතිවාසිකම් පවා කපා හැරීමට ඔවුහු එකිනෙකා කටයුතුකර ගත්හ. මේ නිසා පවුල් දෙක අතර වූයේ දැඩි විරසකයකි.
මේ අතර එක් පවුලක ගෘහ මූලිකයා කොරෝනා වයිරසයට පසුගියදා ගොදුරු විය. ඔහු ඇතුළු පවුලේ අය සිය ගෘහයේම ස්වයං නිරෝධායනයට ලක් වූහ. ආසාදිතයාට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබිණි. රෑ බෝවී තිබීමත්, ප්‍රදේශයට තද වැස්සක් ඇද වැටෙමින් තිබීමත් නිසා ඔසු හලකට යැවීමට කෙනෙකු සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
හේ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධරයකුට මේ අවශ්‍යතාව හා තමන් පත්ව සිටින තත්ත්වය ගැන දන්වමින් ඇමතුමක් දුන්නේය. සිය හිතවත් රෝගියා පත්ව සිටින අසරණත්වය හා ඖෂධයේ අවශ්‍යතාව තේරුම් ගත් සෞඛ්‍ය නිලධාරියා රෝගියාගේ ගමේම වෙසෙන සිය හිතවත් මිතුරෙකුට ඇමතුමක් දී කාරණය දැන්වීය. ඒ මිතුරා මුලින් ඒ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කළේ ඖෂධය ගෙන ඒමට සිදුවන්නේ තම පරම හතුරාට බව දැනගත් නිසාය.
කෙසේ හෝ සෞඛ්‍ය නිලධාරියාගේ ඉල්ලීමට අවනත වූ ඔහු සිය යතුරු පැදියෙන් මොර සූරන වැස්සේ ගල්ගමුව නගරයේ ඔසු සලකට ගොස් අදාළ ඔසුව මිලදී ගෙනැවිත් ආසාදිතයාගේ නිවස ඉදිරිපිටට ගියේය. කඩුල්ල ළඟ නතර වී ඥාතිත්වය හඟවන නමකින් සිය ‘‘පරම හතුරා’’ට ආමන්ත්‍රණය කළේය. ආසාදිතයා දොරකඩට එන විට දුටු දර්ශනයෙන් ඔහුගේ ඇස් උඩ ගියේය.
‘‘මේ බෙහෙත ගෙනාවා. මං යනවා. තව උවමනා දෙයක් තියෙනවා නම් පණිවිඩයක් එවන්න’’යි කී ඔහු ගෙනා ඔසුව සහිත බෑගය කඩුල්ලේ එල්ලා පිටට ගියේය.
සුවපත් වූ ආසාදිතයා ඇතුළු පවුලේ අය ඊට පසු දිනක මෙතෙක් කලක් තමන් හා පරම විරසකයෙන් සිටි පවුල වෙසෙන නිවසට ගොස් මුව නොසෑහෙන සේ ස්තුති කොට පරණ පුරුදු වෛරය හා විරසකය අත්හළහ.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වයිරසයෙන් නයි-මුගටි වෛරය මැකිලා