තමාගෙන් බඩු මිලදී නොගත්තැයි උරණ වී කාන්තාවකගේ නිතඹ මිරිකූ බව කියන සති පොළ වෙළෙන්දෙකුට එම සති පොළේම වෙළෙඳුන් පිරිසක් එක්ව හොඳ ගුටි බැට සංග්‍රහයක් පැවැත්වූ බව කියවෙන පුවතක් ප්‍රදේශයේ සති පොළකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු ඌව පළාතේ ප්‍රධාන සති පොළ කීපයකටම ගොස් එළවළු වෙළඳාමේ නිරත මැදිවියේ පුද්ගලයෙකි.
එසේම තම පාරිභෝගික කාන්තාවන්ට උකුළු මුකුළු පාමින් ඔවුන් දැලේ දමා ගන්නටද රුසියෙකි. පසුගිය දිනෙක ඔහු වෙත පැමිණි කාන්තාවක් එළවළු කීපයක මිල අසා ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරමින් එතැනින් පිටව යාමට සැරසුණේ ඔහුගේ එළවළු මිල තරමක් වැඩි යැයි පවසමිනි. කාන්තාවගේ මෙම ක්‍රියාවෙන් තරමක් නොසතුටට පත් හෙතෙම එළවළු ගොඩින් මෑත්වී තමන්ට පිටුපා යන කාන්තාවගේ නිතඹට තට්ටුවක් දමා පැවසුවේ “එන්න අඩු කරලා දෙන්නම්” යනුවෙන්ද පවසමිනි.
සති පොළේ දෙනෝදහක් ඉදිරියේ සිදුවූ මෙම නොමනා ක්‍රියාවෙන් දැඩි අපහසුතාවටත් ලැජ්ජාවටත් පත් කාන්තාව “ මොකක්ද ................... කළේ යැයි පවසමින්” අතේ තිබූ බෑගයෙන් වෙළෙන්දාට පහර දෙන්නට වූයේ මුළු සති පොළේම අවධානය ඈ වෙත යොමු කරවා ගනිමිනි. සිද්ධිය ගැන අවධානයෙන් සිටි සති පොළේම වෙළෙන්දන් කීප දෙනෙකු මෙන්ම එහි සිටි තරුණයින් කීප දෙනෙකුද කාන්තාව හා එක් වී අත පය විසිකරමින් වෙළෙන්දාට පහර කීපයක් එල්ල කළේ යළිත් එවැනි අමන වැඩ නොකරන්නට අමතක නොවන පාඩමක් උගන්වමිනි.
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතකට තට්ටු දමා අම්බානක ගුටි කාලා