(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ටාලයට නැග්ගේය. දුන් බඩු අතර ගිනිපෙට්ටියක්ද විය.
අවුරුදු උත්සවයේ ආරක්ෂක කටයුතුවලට පැමිණ සිටි පොලිස් නිලධාරියකුට දුම්වැටියක් දල්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිව ඔහුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගත්තේය. ඔහු එය රැුගෙන පසෙකට ගියේ අප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නටය.
එහෙත් ක්ෂණිකව ආපසු ආ පොලිස් නිලධාරියා ගිනිපෙට්ටිය දුන් තරුණයාත් එය අයිති තරගකරුවාත් අල්ලාගෙන පසෙකට ගෙන ගියේ හැම දෙනාම මවිතයට පත් කරමිනි.
ගිනිපෙට්ටියේ ඇතුළත තිබී ඇත්තේ ගිනිකූරු නොව මත්කුඩු පැකට් කීපයකි. තරගකරු මේ පිළිබඳව නිදහසට නොයෙකුත් කරුණු කීමට උත්සාහ ගත්තත් පොලිස් නිලධාරියා ඒවා පිළිගත්තේ නැතිලූ.
බස්නාහිර පළාතේ අවුරුදු උත්සවයකදී සිදුවූවකි.
2025 දෙසැම්බර් මස 18
681
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ
සුලෝචන Saturday, 02 May 2015 08:33 AM
අනේ අපේ පොලිසිය! (නි)
දුමින්ද Thursday, 30 April 2015 10:38 AM
ලොකු-පොඩි දෙකම වැරදි (බ)
ජයන්ත Friday, 01 May 2015 02:01 PM
දැන් කියයි ඕක කළේ ඇතිවුණ සැකයක් නිසා කියලා. හරි නම් දෙන්නම වැරදිකාරයෝ (නි)
ගුණවර්ධන Sunday, 03 May 2015 04:01 PM
ඔහු පොලිසියට නුසුදුසුයැයි යැයි මම සිතමි (නි)
ගමගේ Thursday, 30 April 2015 06:48 AM
රාලහාමි පැය 12 ක් ඉන්න ඕන රාජකාරි ඉතින් සිගරට් එකක් බොන්න බැරිද ? (අ)
ධර්මසිරි Saturday, 02 May 2015 04:44 AM
ගිනි පෙට්ටිය සෙල්ලම් ගිනි පෙට්ටියක් වෙන්න පුළුවන් (නි)
සරත් Wednesday, 29 April 2015 10:53 PM
නිල ඇඳුම ඇඳ ප්‍රසිද්ධියේ දුම්පානය හමුවූ "කුඩු" නිසා යටයාවිද රාළහාමි? (නි)
රෙජි-සිඩ්නි Thursday, 30 April 2015 12:30 AM
රාළහාමිත් කරලා තියෙන්නෙත් වැරදි වැඩක්නේ.රාජකාරිය කරන වෙලාවේ දුම්බොන්න ගිය එක. (නි)
සමන්ති Thursday, 30 April 2015 12:49 AM
ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම්ය (නි)