IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ නගරයට නුදුරු පෙදෙසක නිවැසියෝ තම නිවසට කිසිවකු හදිහූනියම් කළැයි බලවත් විශ්වාසයකින් සිටියහ. එකිනෙකාගෙන් මේ ගැන කියමින් තොරතුරු විමසුවේ හොඳ කට්ටඬියකු සොයාගෙන හූනියම කපන අදහසිනි. ඔවුනට ලැබුණු තොරතුරු අනුව නිවසේ මූලිකයා සබරගමුව පළාතේ කට්ටඬියකු හමුවිය. නිවසට කිසිවකු හූනියමක් කර ඇති බවට තමන්ට ඇති සැකය ගැන ද කියූ ඔහු තම නිවසට ශාන්තියක් කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව දින වකවානු කතිකා කර ගනු ලැබීය. ගාස්තුව ද නියම විය. එය රුපියල් හතළිස් දහසක් විය. නියමිත දිනයේ සවස යකැදුරා තවත් සගයකු සමඟ නිවසට ආයේය. නිවැසියාගේ පවුලේ හිතවතුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටි අතර පවුලේ ඥාතියකු වන වැඩිහිටියකු මේ ගැන බැලුවේ සැක සිතින්ය. තමන්ගේ මූලික පේවීමේ කටයුතු කර ගැනීම සඳහා දොර වැසිය හැකි කාමරයක් අවශ්‍ය බව දැන්වීය. ඒ අනුව නිවසේ ඉදිරිපස කාමරයක් සූදානම් කෙරිණි. ඒ කටයුතු පැවරුණේ මේ ගැන සැකයෙන් බැලූ ඥාතියාටය. කට්ටඬියා කාමරයට ගොස් දොර වසා ගත්තේය. ඒ අතර ඥාතියා ක්‍රියාත්මක වූයේය. වහලට නැගි ඔහු උළු කැට අතරින් ඇතුළේ වන දේ ගැන දැඩි විමසිල්ලෙන් සිටියේය. ශාන්තිකර්මයේ කටයුතු සඳහා ගෙනා පොල් මල පැත්තකින් සිදුරු කළ කට්ටඬියා තඹ පටියක් එයට ඇතුළු කළේය.

වහලෙන් බට ඥාතියා සුදුසු අවස්ථාවක් එනතුරු බලා සිටියේය. රෑ බෝවීමෙන් පසු තෝත්තරය ඇරඹිණි. හූනියම වළ දමා ඇති ස්ථානය පෙන්වා දෙනු ලැබීය. ඒ ස්ථානයේ බිම් කොටසක පස් ඉවත් කරන ලෙසට අණ ලැබිණි. ඒ අනුව ඉවත් කෙරුණු පස් වතුර පිරුනු භාජනයක දමා පොල් මලෙන් කූරු ගා පරීක්ෂා කරන ලෙස කට්ටඬියා දැන්වීය. කට්ටඬියා පොල් මල නිවැසියා අතට දෙද්දී ඥාතියා ඒ මැදට පැන්නේය. පොල් මල පරීක්ෂා කළ යුතු බව කීය. එසේ කිරීම දෙවියන්ට කරන අගෞරවයක් බව කට්ටඬියා කියද්දී ඥාතියා විරෝධය පා පොල් මල ගෙන පරීක්ෂා කළේ සියලු දෙනා බලා සිටියදීය. සිහින්ව රෝල් කළ තඹ පටිය බිම වැටෙද්දී කට්ටඬියා පලා ගියේ ඇඳි වත පිටිනි. කිසිත් නොදන්නා සහායකයාට පිරිසෙන් ගුටි පූජාවක් ලැබිණි. අන්තිමේ සහායකයාට ගමන් වියදම් දී පිටත් කර හරින්නට නිවැසියන් කටයුතු කළේ තමන් ලොකු රැවටීමකට අසුවූ බව තේරුම් ගැනීමෙන් පසුවය



අදහස් (0)

කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site