IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා

(දේවහුව - ප්‍රසාද් ජයකොඩි)
තම වෙළඳසැලේ නිතරම නැවුම් එළවළු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත්  එළවළුත් සමඟ අතටම අසුවීමේ පුවතක් පහළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.


මොහු තිදරු පියකු වන අතර වයස අවුරුදු 70 ඉක්මවා ඇති හෙයින් හතර පෝයටම සිල් ද සමාදන් වෙයි. නිතර ආගම දහම ගැන කතාකරන මොහු තම මුණුබුරු මිණිබිරියන්ට ද ආගම දහම අනුව ජීවත් වන්නැයි උපදෙස් දෙයි.


ප්‍රදේශයේ අනෙකුත් එළවළු වෙළඳසල් පසු කරගෙන ගොස් මොහුගේ වෙළඳසලෙන් එළවළු ගැනීමට පාරිභෝගිකයන් පුරුදු වී ඇත්තේ නිතරම නැවුම් එළවළු මෙහි අලෙවි කිරීමට ඇති හෙයිනි. ඔහු පාරිභෝගිකයන්ට නිතර පවසන්නේ තමන් නැවුම් එළවළු සාධාරණ මිලකට අලෙවි කරන බවයි.


ගමේ ඉලන්දාරි නිකරුණේ කාලය ගත කිරීම ගැන දැඩි කෝපයෙන් කතා කරන මොහු පවසන්නේ තරුණයින් ඉඳහිට හෝ සිල් සමාදන් වීමට හුරුවිය යුතු බවයි. එහිදී තමන් විසින් සිදු කරනු ලැබන වැරදි වැඩ තිබේ නම් ඒවාට හිත නොයන බවත් ඔහු කියයි. 


මෙම නැවුම් එළවළු අලෙවි කිරීම පිළිබඳව ගමේ නොයෙක් කටකතා පැතිර තිබූ අතර ඒ සියල්ල යටපත් වන්නේ මොහු වසර ගණනක සිට සිල් සමාදන් වන බැවිනි.


 ප්‍රදේශයේ එළවළු කොරටුවල අස්වැන්න තැනින් තැන අඩුවෙන බව දැනගත් ගොවියෝ රාත්‍රියේ තම එළවළු කොරටු මුර කරන්නට වූහ. දිනක් රාත්‍රියේ සුළු වර්ෂාවක් ද සමඟ එක් ගොවි මහතකුගේ කොරටුවේ කුඩා එළියක් තිබෙන බව දැක ඔහු කළුවරේම එම ස්ථානයට ළඟා වී ඇත. 


එහිදී දැක ඇත්තේ හතර පෝයටම සිල් ගන්නා උපාසක මුදලාලි පාරිභෝගිකයන්ට නැවුම් එළවළු ලබා දීමට කොරටු වලින් එළවළු සොරාගන්නා අන්දමයි.


 මොහු අතටම හසුකර ගැනීමෙන් පසු කිසිත් කර කියා ගැනීමට නොහැකිව ලැජ්ජාවට පත්වී කොරටු හිමියාගෙන් සමාව ඉල්ලමින් තමන් මෙවැනි වැඩක් කළ බව ගමේ කිසිවකුටත් නොපවසන ලෙසත් එය තමන්ට ලැජ්ජාවක් බවත් කියා ඇත. 


සිද්ධියෙන් පසු පාරිභෝගිකයන්ට  මුදලාලිගේ නැවුම් එළවළු වෙළඳාම රහසක් නොවන රහසක් වී ඇත. 

 



අදහස් (0)

උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site