IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උත්සවයකට ගිහින් බීලා යතුරුපැදිය හොරකුට දන්දීලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම නගරයේ දංඕවිට හන්දියේ පසුගියදා (18) පැවැති උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයෙකු හොඳ හැටි සප්පායම් වීමෙන් පසු ඔහු පැමිණි යතුරුපැදිය එතැන දමා කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් පෙරේදා (19) උදේ පැමිණ බලද්දී යතුරුපැදිය අතුරුදන් වී තිබීමේ පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තා වෙයි.


මීරිගම හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මදුරුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුඩා යතුරුපැදියෙන් පසුගිය 18 දා නගරයට පැමිණ ඇත. දහවල් 12ට පමණ ඔහු පැමිණෙන අවස්ථාවේ මීරිගම දංඕවිටට හැරෙන හන්දියේ පැවැති ජය සැමරුම් උත්සවයට එක් වී ඇත්තේ වරින් වර තැබෑරුමකට ද යමින් එමිනි.


පැය කිහිපයක් මේ ස්ථානයේ විනෝදයෙන් කල් ගත කළ මෙම අය පස්වරු 3ට පමණ කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් ඇත. හොඳ හැටි නිදා ගත් ඔහු රාත්‍රියේ නවයට පමණ අවදි වූ පසු යතුරුපැදිය නොමැතිව නිවසට පැමිණ ඇති බව හෙළි වී ඇත. අනතුරුව පෙරේදා (19) උදේ හොඳ හැටි සිහි එලවා ගත් ඔහු නගරයට පැමිණ පරීක්‍ෂා කර ඇතත් යතුරුපැදිය සොයා ගැනීමට හැකි වී නැත. අනතුරුව ඔහු මේ බව මීරිගම පොලිසියට පැමිණිලි කරනු ලැබූයේ උදේ දහයට පමණය. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

උත්සවයකට ගිහින් බීලා යතුරුපැදිය හොරකුට දන්දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site