ව්‍යාංජනයේ කුරුමිණියකු සිටි බව පිළිනොගත් හෝටල් හිමියකුට තරුණියකගෙන් පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවකි මේ.

නුවර පාරේ දෙපසම දැන් ගිමන් හල්ය. ඇතැම් තැන් විවිධ වර්ණ යොදා පින්තූර අලවා තිබෙන අතර එවැනි ඇතැම් තැන්වල පෙණුම තරුපහේ හෝටල් බඳුය.
දුර යනෙන අනෙකුත් අය මෙන්ම තවත් පිරිසක් ද මෙයින් උදෑසන ආහාර ගැනීම සඳහා වාහනය නතර කළේය.

සේවකයින් තැන තැන සේවයේ නිරතව සිටි අතර ඉන් එක් අයකු ඔවුන් වාඩිවූ මේසය අසලට ආවේය.

මොනවද මිස් කන්නේ.......

එසේ අසමින් ඔවුන්ගේ බොජුන් හලේ ඇති ආහාර වර්ග කියාගෙන ගියේය.

ම්.....ම්..... අපට ඉඳිආප්ප ගේන්න.

ඒ අනුව සේවකයා ඉඳිආප්ප, අල හොඳි, පොල් සම්බෝල සහ මාළු ගෙනා අතර මේසය වටා අලංකාරයට මෙන් වතුර වීදුරු කිහිපයක් ද තැබීය.
ඊ.....යා ආ...ආ.... ආහාර ගනිමින් සිටි තරුණිය එක්වරම අප්පිරියාවෙන් කෑගැසුවාය. බලන්න මේ.....කේ කුරුමිණියෙක් ඇය නැවතත් කෑ ගැසුවාය. අනේ අපට එපා මේවා මේවායේ කුරුමිණියෝනේ.

අනේ මිස් මේකා උඩින් වැටිච්ච එකෙක්. නැතිව කෑම වල ඉන්න විදියක් නෑ...... ආ කමක් නෑ අපට ඉඳිආප්ප එපා වෙන මොනවා හරි ගේන්න එසේ කියමින් ඔවුන් මේසය මත තිබූ මාළු ව්‍යංජනය සමඟ පාන් කෑවේය.

දැන් බිල ගෙවන වෙලාවය. මොනවද මිස්ල කෑවේ අපි පාන් කෑවා මොනවත් එක්කද?

පාන් විතරයි.
ඇයි මාළු කෑවේ නැද්ද?

නෑ. නෑ. ඒවා උඩින් වැටිච්ච මාළු ඒ හින්දා ඒවාට ගෙවන්න අපි සූදානම් නෑ. තරුණිය කීවාය.