කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
පනස් වාරයක් සිය රුධිරය දන් දුන් රුධිර පරිත්‍යාගශීලියාට ලබා දීමට ගිය අපූරු උපහාරයක් පිළිබඳව අපූරු කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
හේ සිය රුධිරය දන් දෙන්නේ අද ඊයේ නම් නොවේ. වසර විසිපහක, තිහක කාලයක සිටම හේ තමන්ගේ රුධිරය දන් දුන්නේය. ඒ, අනෙකක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක්ම පින් සලකාය. තවත් කාලයක් ඔහුට රුධිරය දන් දීමට හැකියාව තිබේ.
එදා ඔහු ලේ පරිත්‍යාග කිරීමට ගියේ එක්තරා සංවිධානයකින් සංවිධාන කළ ලේ දන් දීමේ ව්‍යාපාරයකටය. ඒ, පනස් වැනි වරට වීම විශේෂත්වයකි. ඔහුගේ මේ අර්ධ ශතක ලේ දන් දීමට සංවිධායකයෝ හොඳ ප්‍රචාරයක් ලබා දුන්හ. ඔහු එයින් ලැබූ සතුට සහ තෘප්තිය මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්ය. ඔහුගේ මේ සද්ක්‍රියාවට දස දෙසින්ම පැසසුම් ලැබිණ. එදා තමාගෙන් දුරකතන අංකය ඉල්ලා ගත් බොහෝ දෙනා ද ඒ අතරය.
මේ ඇමතුම් අතරින් විදෙස් රටක ශ්‍රී ලාංකිකයකුගෙන් ද ඔහුට දුරකතන ඇමතුමක් ලැබෙන්නේය. ඒ, ස්වීඩන් රටෙන්ය. තමා ස්වීඩනයේ සිටින බවත්, ඔහුගේ මේ රුධිර දානමය පින්කම අසා තමා සතුටට පත්වූ බවත්, එම ඇමතුමෙන් කියවුණේය. ඔහුගේ මේ සද්ක්‍රියාවට මුළු ස්වීඩනයේම සිටින ශ්‍රී ලාංකිකයන් ද ඒ සමග සතුටට පත්වූ බවත්, මේ රුධිර දානමය පින්කම තවදුරටත් ඉදිරියටත් කරගෙන යාම සඳහා පෝෂණ උපහාර දීමනාවක් ලබා දීමට තමන්ලා සූදානම් බවත්, මේ දුරකතන ඇමතුමෙන් වැඩි දුරටත් කියවුණේය.
එය මාසිකව රුපියල් විසිපන් දහසක් බවත්, සෑම මාසයකම මේ මුදල් උපහාරය ලැබෙන බවත්, එම මූල්‍යම උපහාරය ලැබීමට නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු වෙනුවෙන් රුපියල් පනස් දහසක් තමන් එවන ලංකාවේ නියෝජිතයාට ලබා දෙන ලෙසට ද ඉල්ලුවේය.
මෙය ඇසූ විට ඔහුට වඩා සතුටු වූයේ ඔහුගේ භාර්යාවය. ‘පනස් දහසක් ගියත් කමක්නැහැ ඒකට, මාස දෙකෙන් ඒ මුදල ලැබෙනවානේ’ යි කියමින් ඇය ඔහු දිරිමත් කළාය. ඒ විතරක් නොව ඒ සඳහා අවැසි මුදල් සොයා ගන්නා ක්‍රමයක් ද ඇය හඳුන්වා දුන්නාය. ඒ, තමාගේ රන් ආභරණයක් උකස් කොට ඉන් අවශ්‍ය මුදල ලබාගෙන ස්වීඩනයෙන් ලැබෙන මාසික දීමනාවෙන් කොටසක් රන් ණය සඳහා වෙන් කර එයින් වාරික ලෙස ගෙවා රන් ආභරණය බේරාගත හැකි බව ද යෝජනා කළේ ද ඇයය. එයට ඔහු ද කැමැති වූවේය.
ස්වීඩනයෙන් නැවතත් දුරකතන ඇමතුමක් ආවේ ඔය අතරේදීය. ඒ පණිවිඩයෙන් පසුව දෙපාර්ශ්වයම දැන් එකඟය. දිනය, වේලාව තීරණය විය. ඔහු සොයා නිවෙසට ලංකාවේ නියෝජිතයා ආවේය. ඒ, කුලී ත්‍රිරෝද රථයකිනි. ලබා ගත් රන් ණය ඔහු ලංකාවේ නියෝජිතයා අත තැබුවේය. දැන් දෙපාර්ශ්වයටම සතුටුය.
මාසයක් දෙකක් ගියත් ස්වීඩනයෙන් මාසිකව රුපියල් විසිපන් දහසක් ඔහුට නාවේය. ඒ සඳහා සොයා බැලුවේය. එදායින් පසු ඔහුට ස්වීඩනයෙන් නැවතත් දුරකතන ඇමතුම් නොආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd