(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැගණියගේ විවාහ උත්සවයකට කාඩ් බෙදමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රියක අත්‍යාවශ්‍ය සේවා යන දැන්වීම සවි කර ගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය පොලිසිය පරීක්ෂා කර ඇති අතර එහි කිසිදු අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැගණියගේ විවාහ උත්සවයට කාඩ් බෙදමින් සිටි බව හඳුනා ගැනීමට හැකිව තිබේ. ඒ සැකකරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි කරුණාවංශ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීමට පියවර ගත්තේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.