IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආරක්ෂක නිලධාරියා නම්බුව බේරාගන්න ගෙට වැදී දොර වහගෙන

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පොසොන් සතිය ආරම්භයේදී විහාරස්ථානයක් අසලට බළලුන් ගෙනැවිත් දැමූ රජයේ ආරක්ෂක අංශයක සේවය කළ උසස් නිලධාරියකු විහාරාධිපති හිමියන්ගෙන් කුඩ පහර කා පළා ගිය පුවතකි මේ.


ගල් කුළුවලින් වටවූ පැරැණි විහාරස්ථානයකි. විහාරාධිපති හිමියෝ කිසියම් අවශ්‍යතාවකට පිටතට වැඩම කළහ. මේ අතර නවීන පන්නයේ මෝටර් රියක් විහාරස්ථානයේ ප්‍රධාන දෙරටුව අසල නතර කෙරිණි. ටික වේලාවක් එතැන නවතා තිබූ මෝටර් රිය මකර තොරණ සහිත පියගැට පෙළ අසල දක්වා ගමන් කර ආපසු හරවනු ලැබීය.


නැවතත් විහාරස්ථ ප්‍රධාන දොරටුව ආසන්නයේ රිය නතර කළ රියැදුරා එහි දොර විවෘත කරනු ලැබීය. ඒ සමගම බළලුන් කිහිපදෙනෙක් ඉන් ඉවතට පැන ගත්හ. 


පිටතට වැඩම කර සිටි විහාරාධිපති හිමියන් පැමිණි ත්‍රිරෝද රිය මේ මෝටර් රිය පිටුපස නවතා තිබූ නිසා උන්වහන්සේ සියල්ල හොඳින් දැක ගත්තේය. වහා ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියෝ මෝටර් රිය අසලට වැඩම කළහ. එහි සිටියේ ප්‍රදේශයේ ප්‍රභූවරයකු ලෙස නමක් දිනාගත් ආරක්ෂක අංශයක සේවය කළ ඉහළ නිලධාරියෙකි.


“මහත්තයා පොසොන් පෝය ළඟ නිසා පින් අතේ වැඩක් කළා නේද” කියද්දී හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියා උඩ බිම බැලුවේය. “අවසරයි හාමුදුරුවනේ, බළලාට වමනේ යන්න වගේ ආවා ඒකයි නතර කළේ” කියද්දී විහාරාධිපති හිමියන්ගේ කුඩය එසවිණි.


තවදුරටත් ප්‍රහාරයට ලක්වෙතැයි බියපත් වූ ආරක්ෂක අංශ ප්‍රධානියා මෝටර් රියේ දොර වසා වහා පළා ගියේය. දින කීපයක් ගතවී ඇතත් ඔහු තවමත් නිවෙසින් එළියටවත් නොඑමින් නිවාස අඩස්සියේ පසුවන්නේ සිදුවූ වින්නැහියෙන් තමන්ගේ තත්ත්වයට සිදුවූ හානිය යළි යථාවත් කර ගන්නට බැරිවය. 

 



අදහස් (0)

ආරක්ෂක නිලධාරියා නම්බුව බේරාගන්න ගෙට වැදී දොර වහගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site