අලුත විවාහ පත්වූ යුවළක් නගරයට ගියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම ගෙන එන්නටය.
නිවෙසේ මුළුතැන්ගෙට අවශ්‍ය බඩු මුට්ටුත් තවත් බොහෝ දේවල් රැගෙන දෙදෙනා අතින් කටින් බඩු ටික එල්ලාගෙන පැමිණ මෝටර් රථයට දැමුවේ සාප්පු සවාරිය නිම කර දමමිනි.
“අප්පා..... හැමදාම මෙහෙම සාප්පු සවාරියේ මට නම් එන්න බෑ ඔන්න” අලුත බැඳපු බිරියගේ සිත නොරිදෙන සේ සැමියා කීවේ ඒ තරමටම මේ සාප්පු සවාරිය දෙදෙනාවම හෙම්බත් කර තිබූ නිසාය. බිරිඳ තාම පොඩි දරුවකු මෙනි. බොහෝ දේ ඇයට වැටහෙන්නේ නැති බව සැමියා දනී.
දෙදෙනා වාහනයට ගොඩවීමට සූදානම් වූවා පමණි.
තරමක් පැහැපත් තරුණ මවක ඔවුන් අසලට ආවේ දුක කියමිනි.
“මහත්තයා මටත් දරුවෙක් හම්බවෙන්න. මේ දරුවා මහත්තයගෙ. ඇයට කීමට ඉඩ ලැබුණේ එපමණකි.
එකී දෙයින් කුපිත වූයේ අලුත විවාහ වූ බිරිඳය. ඇයට උන්හිටි තැන් අමතක වී ගියේ සැනිණි.
අලුත් බිරිය කුඩය ගෙන සැමියාට එල්ලය ගෙන හමාරය.
“මොකද මොකද” සැමියාට වෙන දේ සිතාගත නොහැකි විය.
“නෝනා..... නෝනා.... කලබල කරන්න එපා. මම කියන්න හැදුවේ මේ මට ලැබෙන්න ඉන්න දරුවත් මහත්මයලගේ දරුවෙක් වගේ කියලා මටයි දරුවටයි කීයක් හරි දෙන්න කියලයි.
තරුණ බිරිඳට කාරණය වැටහුණේ ඊට පසුවය. තැලී පොඩි වී සමාජයේ කරුණු කාරණා නොදත් බිරිඳ ගැන සැමියා බොහෝ දේ කල්පනා කළේ එතැන් සිටය.
(කලවාන - උපේන්ද්‍ර පියංකර ජාතුංගම)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.