කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අලුත් අවුරුද්දට අත දිගහැර වියදම් කළ මුදලම නොවුණත් ඊට කිට්ටුවෙන් යන මුදලක්වත් මුදල් පසුම්බියට දාගන්න සිතාගෙන අපූරු අවුරුදු උත්සවයක් සංවිධානය කළ අපූරු හාදයකු පිළිබඳ අලුත් කතාවක් අලුත්වල නගරයෙන් අසන්නට ලැබේ.
නියපොත්තේ සිට මොළය ඇත්තෙකි. සියල්ලම තමන්ගේ වාසියටම ය. අවාසියක් නම් හේ එතනින් මාරුවී යන්නේ ලිස්ස ලිස්සා ය. මෙදා අලුත් අවුරුද්දට ඔහුට වැඩි ගාණක් තට්ටු වුණේය. ඒ අලුත් අවුරුද්දට ඇෙඹ්නියගේ හිත සතුටු කරන්න ගොස් ය. මෙය ඔහුට දැරීමට ටිකක් අපහසු විය. වැඩිපුර වියදම් වූ මුදල යළි සාක්කුවට දාගත හැකි වැඩක් ගැන ඔහු සිතුවේ ය. අමුවෙන් ඒ සඳහා උත්තරයක් නොපැමිණි ඔහු හීනියට ඉතුරු වූ කොටයෙන් දෙකක් තුනක් දා ගත්තේ ය. ඒ සඳහා වූ අලුත් අදහසක් ඔහුගේ චිත්ත සන්තානයට ආවේ නිරායාසයෙනි.
මම මේ කල්පනා කළේ මේ අවුරුද්දෙවත් අපේ පවුල්වල අය එකට එකතු කරන ක්‍රමයක් ගැනනේ හාමිනේ යයි ඔහු ඇඹේනියට කීවේය. අලුත් අවුරුද්දේ ඔහේගේ හිතට ආ අදහසනම් හරි අගෙයි ඒත් මේ සඳහා කරන්නේ මොකක් දැයි ඇඹේනිය ඔහුට පිළිතුරු ලෙස කීවාය. පොඩි වැඩක් තියෙනවා අපි ඒක කරලා බලමු යයි ඔහු ඇයට කීවේය.
තමා අලුත් අවුරුද්ද නිමිත්තෙන් පවුල්වල අය එකට එකතු කිරීමට අදහස් කරගෙන සිටි වැඩේ ඔහු ඇඹේනියට කීවේය. එය ක්‍රියාත්මක කිරීමට ඇය ද කැමති වූයේ එක පයිනි. සිය සැමියාගේ ටිකිරි මොළයට පිං දෙමිනි.
ඔහු තමන්ගේ පවුලට සමීපතම ඥාතී පවුල් පහළොවක් ඒ සඳහා තෝරා ගත්තේ ය. ඒ හැම පවුලකටම තමන්ගේ අදහස කීවේය. අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතී පවුල් එක තැනකට ඒකරාශී කර ගැනීමට ඔහු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දෙයට මේ හැම පවුලකින්ම කැමැත්ත ලැබුණේ ය. ඒ සඳහා එක පවුලකින් ලබාදිය යුතු මුදල ගැන ද තීරණය වූයේ ද සාකච්ඡා වට කිහිපයකින් පසුවය. ඒ ඥාතී සියලුදෙනාම සහ ඔවුන්ගේ දරුවන් හැමදෙනාම එකට එකතුවී කරන ඥාතී බක් මහ උළෙලකි. එක් පවුලකින් ලබාදිය යුතු මුදල රුපියල් විසිපන්දහසකි. මේ මුදල එදින කෑම බීමට සහ බක්මහ උළලෙන් දිනන අයට ත්‍යාග සඳහාය. ස්ථානය ඔහුම යෝජනා කළේය. ඒ ඔහුගේ නිවස සහ ඉඩමය. එයට ද හෑම පවුලක්ම කැමති වූහ.
මේ බක්මහ උළෙල ඊයේ පෙරේදා පැවතියේය. පවුල් පහළොවම ඔහුගේ නිවසේ ය. බක්මහ උළෙල ජයටම කෙරීගෙන ගියේ ය. පැමිණි අයට දහවල කෑම මේසය ලාවට ය. දෙනවයි කිව්ව දේවල් නැත. සැර ජාතිත් නැත. තරගවලින් දිනූ අයට පොඩි මාරි බිස්කට් පැකට් ය. බැලුම් බෝලත් ඒ අතරය. ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම පෙට්ටි ද හිඟ නොවී ය.
පවුලේ අය අලුත් අවුරුද්ද නිමිත්තෙන් එක තැනකට එක්වුවද නිවෙස් කරා යනවිට ඔවුහු ප්‍රශ්න පත්තරයක් හිසේ තියාගෙන ගියහ. එක තැනකට එකතු කිරීමට සිය ඥාතියා එකතු කළ මුදල් වලින් හොර පාරේ ගොස් ඇති බව ද ඔවුනට අවබෝධ විය. දැන් දැන් බොහෝ අය මේ අවුරුදු උත්සවයේ අය වැය පිළිබඳ විමසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd